රනිල් එළවීමේ තදියම ගැන ඇත්ත – සී ජේ අමරතුංග

ගෝටාභයට සහ රාජපක්ෂලාට විරුද්ධ සියලු දෙනා දැන් අගමැති  රනිල්ට ද විරුද්ධ ද යන්න පැහැදිලි නැත. රනිල්ට විරුද්ධ උදවිය කියන ආකාරයට නම් එය එසේ නොවන බව පෙනෙන්නට ඇත. ඔවුන් කියන්නේ රනිල් පැමිණ ගෝටා බේරාගත් බවකි. ඒ කියන්නේ ගෝටාට නැති බලයක් රනිල්ට තිබෙන බවකි. එය කුමක්දැයි හරියට පැහැදිලි කරන කෙනෙකු  ද නැත.

තවත් කතාවක් නම් රනිල් අගමැතිවීමත් සමග ‘ගෝටාගෝගමේ’ අරගලයේ සිටි රනිල් වාදීන් ඉවත්ව ගිය බව යි. එමෙන් ම එතනට දැන් විශාල ලෙස ජනයා රොක් වන්නේ ද නැත. සමහරු කියන්නේ එතැන පටන්ගත් නිර්පාක්ෂික අරගලය දැන් නැති බව යි. එය දැන් ජෙප්පන්ගේ සහ පෙරෙට්ටන්ගේ අරගලයක් බවට ද චෝදනා කරන්නෝ ද වෙති.

රනිල්ට තිබෙන චෝදනාව නම් අරගලය අල කිරීම යි. ඔහුට එයට හැකියාව ලැබුණේ කොහෙන්දැයි කීමට කිසිවේක්  ඉදිරිපත් නොවෙති. සමහරු කියන්නේ රනිල් ඉන්නේ රාජපක්ෂලාගේ හයියෙන් බව යි. රටෙන් ම ප්‍රතික්ෂේප වී “පලයව්” කියන ගානට වැටී ඇති  රාජපක්ෂලාට එහෙම හයියක් තිබෙනවා ය කීම ද පරස්පර විරෝධී කතාවකි.

රනිල්ට තිබෙන චෝදනාව නම් අරගලය අල කිරීම යි. ඔහුට එයට හැකියාව ලැබුණේ කොහෙන්දැයි කීමට කිසිවේක්  ඉදිරිපත් නොවෙති. සමහරු කියන්නේ රනිල් ඉන්නේ රාජපක්ෂලාගේ හයියෙන් බව යි. රටෙන් ම ප්‍රතික්ෂේප වී “පලයව්” කියන ගානට වැටී ඇති  රාජපක්ෂලාට එහෙම හයියක් තිබෙනවා ය කීම ද පරස්පර විරෝධී කතාවකි.

රනිල්ට ඇත්තට ම ලොකු හයියක් තිබුණේ නැත. ඔහු කළේ හයියක් හදා ගැනීම යි. ආර්ථික කඩාවැටීමෙන් නන්නත්තාර වී සිටි ජනතාවට යම් බලපොරෝත්තුවක් දීමට ඔහුට හැකි වී ය. ඒ වෙන කිසිවකු වගකීම් භාර නොගත් මොහොතක එය භාර ගැනීම මගිනි.

දැන් රනිල්ට ආපසු හැරෙන්නට බැරි ය. වැඩේ කරන්න ම වෙනවා ය. අවදානම් වැල් පාලමෙන් එගොඩ නොවුණොත් රනිල්ට පවතින්න බැරි ය. කොතරම් දුෂ්කරතා තිබුණත් ගමන දිගට ම යා යුතු ය. ඒ-පමණක් මදි ය. හැකි තාක් ඉක්මනින් ප්‍රතිඵල පෙන්විය යුතු ය. ජනතාව සිටින්නේ දරාගත නොහැකි පීඩනයකිනි.  පීඩනය දිගට පවතින විට ජනතා කෝපය ද වැඩි වෙයි. වගකීම් භාරගත් රනිල්ට ද එයින් ගැලවීමක් නැත. අනුන්ගේ ළමයින් කර තබා ගත්තා කියා ලැබෙන අනුකම්පාවට ඉඩ ලැබෙන්නේ ටික කලෙකට පමණකි. එය රනිල් ද දැන සිටිය යුතු ය.

ගෝටාභය කරන්න හදන්නේ රනිල් ලවා කොස් ඇට බාවන එක ය. තමන් යන්තම් ගොඩ ගිය සැනින් රනිල්ට පා පහර දෙන්නට සුදානම් බව ඔහු දැනටමත් පෙන්වා තිබේ. 19 වන සංශෝධනය ක්‍රියාත්මක කරනවා ය, ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා ය කියා ජනතාව අමතා කී ගෝටාභය දැන් කියන්නේ ඒවා කරන්නේ තමන්ගේ ධුර කාලයෙන් පසුව බව යි. ඉදිරි වසර දෙකත් තමා රට පාලනය කරන බව ඔහු කියයි. වසර දෙකක් රට විනාශ කරමින් ෆේල් වූ ඔහුට දැන් පාස් වෙන්නට ඉදීරි වසර දෙකත් ඉන්න හදයි. ඔහුට පාස්වෙන්න බැරි බව දැන් කරන දේ වලින් ද පැහැදිලි ය. දැන් ඔහු කර ගනිමින් සිටින්නේ රනිල්ගේ කරෙන් ගොඩ යන්නට තිබුණු අවස්ථාවත් නැති කර ගන්නා එක ය. තරමක් දුර්වල වී තිබු ගෝටා විරෝධයට යලි පන දෙන එක ය. අලුත් 21 සංශෝධනයෙන් තමන්ගේ බලය තියාගන්නට දරන උත්සාහයේ ප්‍රතිඵලය ඒක ය. ඔහුට ඒක තේරෙන්නේ නැති එකේ විනාශය රටට ම ය. ආණ්ඩු පක්ෂයේ ම ප්‍රබලයකු වූ මහාචාර්ය  චරිත හේරත් පසුගිය දා කීවේ මෙතරම් විනාශයකට හේතුව මෝඩකම බව යි. ඛේදවාචකය නම් එය දිගට ම සිදුවෙමින් තිබීම ය.

ගෝටාභය කරන්න හදන්නේ රනිල් ලවා කොස් ඇට බාවන එක ය. තමන් යන්තම් ගොඩ ගිය සැනින් රනිල්ට පා පහර දෙන්නට සුදානම් බව ඔහු දැනටමත් පෙන්වා තිබේ. 19 වන සංශෝධනය ක්‍රියාත්මක කරනවා ය, ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා ය කියා ජනතාව අමතා කී ගෝටාභය දැන් කියන්නේ ඒවා කරන්නේ තමන්ගේ ධුර කාලයෙන් පසුව බව යි. ඉදිරි වසර දෙකත් තමා රට පාලනය කරන බව ඔහු කියයි. වසර දෙකක් රට විනාශ කරමින් ෆේල් වූ ඔහුට දැන් පාස් වෙන්නට ඉදීරි වසර දෙකත් ඉන්න හදයි. ඔහුට පාස්වෙන්න බැරි බව දැන් කරන දේ වලින් ද පැහැදිලි ය. දැන් ඔහු කර ගනිමින් සිටින්නේ රනිල්ගේ කරෙන් ගොඩ යන්නට තිබුණු අවස්ථාවත් නැති කර ගන්නා එක ය.  

අර්බුදයට මුහුණ දීමට සියලු දෙනා එකතු විය යුතු බව රනිල් කියයි. සියලු දෙනා එකතුවන්නට හදන බවක් නම් පෙනෙන්නට තිබේ. හැබැයි ඒ අර්බුදයට මුහුණ දෙන්නට නොවේ. රනිල් එළවන්නට ය. මේ ඇතැම් දේශපාලන ව්‍යාපාරවලට ආර්ථික අර්බුදයට වඩා බරපතළ ප්‍රශ්නයක් තිබේ. ඒ තමන්ගේ පැවැත්ම පිළිබඳව ය. රනිල් සාර්ථක වුවහොත් තමන්ට ඇඩ්රස් නැති වෙන එක ගැන ය.

දැන් බොහෝ දෙනා කතා කරන්නේ අරගලය ගැන ය. තමන්ගේ දේශපාලන ව්‍යාපෘති අරගලයෙන් පෝෂණය කර ගන්නට ඔවුහු කැස කවති. එම පිරිස් අරගලයට කිට්ටු වන විට අරගලයේ සිටි ජනයා ඉවත්ව යති. මොවුන් ද අරගලයේ ඇත්ත අභියෝගයට ලක් වූ පිරිසකි.

අරගලය පත්තුවන්නට පෙර මෙම බලවේග අපුරුවට තම බලවේග පෙළ ගස්වමින් සිටියෝ ය. ඒ ආණ්ඩු විරෝධයෙන් පෝෂණය වෙමින් ඊළඟ ජනාධිපතිවරණය ජය ගන්නට ය. ඊළඟ ජනාධිපතිවන්නේ අපේ කෙනා බව කියන්නට පවා මෙම ඇතැම් පක්ෂ ඉදිරිපත්ව සිටියේ ය. ඒ සියල්ලට පිටතින් පැමිණි අරගලය එකී දේශපාලන ව්‍යාපෘති අනාථ  කර දැමී ය. මුල දී අරගලකරුවන් දෙස කෝපයෙන් සහ උපහාසයෙන් බැලුවන්ට පසුව එහි අනුගාමිකයින් වන්නට සිදුවිය. ඔවුන් ඒකට කීවේ අරගලයට දේශපාලන නායකත්වය දෙනවා කියා ය.

වෘත්තීය අරගලකරුවන්ගේ සංවිධාන ද රටේ තිබිණි. ජනතා සටන් කියා විවිධ ව්‍යාපාර ගෙනගිය ඔවුන් සිතා සිටියේ ජනතා සටන් කියන්නේ තමන්ගේ ව්‍යාපාරවලට බව යි. ජනතා සටන්වල අයිතිය ඇත්තේ තමන්ට බව යි. එසේ වුවත් නිර්පාක්ෂික අරගලකරුවන් පාරට බැස්සේ මොවුන්ට පැත්ත පළාතේ එන්න එපා කියාගෙන ය. මෙම සංවිධාන ජනතාවගෙන් වෙන් වූ දේශපාලන නිකායන් බව හෙළිදරව් වුයේ ඒ ආකාරයෙනි.

වෘත්තීය අරගලකරුවන්ගේ සංවිධාන ද රටේ තිබිණි. ජනතා සටන් කියා විවිධ ව්‍යාපාර ගෙනගිය ඔවුන් සිතා සිටියේ ජනතා සටන් කියන්නේ තමන්ගේ ව්‍යාපාරවලට බව යි. ජනතා සටන්වල අයිතිය ඇත්තේ තමන්ට බව යි. එසේ වුවත් නිර්පාක්ෂික අරගලකරුවන් පාරට බැස්සේ මොවුන්ට පැත්ත පළාතේ එන්න එපා කියාගෙන ය. මෙම සංවිධාන ජනතාවගෙන් වෙන් වූ දේශපාලන නිකායන් බව හෙළිදරව් වුයේ ඒ ආකාරයෙනි.

කෙසේ වෙතත්, පසුව මොවුන් සියලු දෙනා උත්සහ කළේ අරගලය තම තමන්ගේ සාක්කුවල දමා ගන්නට ය. එම උත්සාහය සාර්ථක වුයේ නැත. අරගලයේ ප්‍රතිඵලය ලෙස ගෝටාභය බංකරයකට කොටු වූ අතර මහින්ද, බැසිල් ඇතුළු රාජපක්ෂවරුන්ට ගෙදර යන්නට සිදුවිය. ඒවා විශාල ජයග්‍රහණයන් ය.

ඒ අතර ඉහත කී සියලු බලවේගවලට දිරවා ගන්නට බැරි දෙයක් සිදුවිය. එනම් අරගලයේ ප්‍රතිඵලය ලෙස රනිල් වික්‍රමසිංහ අගමැති වීම යි.  එය දැන් දේශපාලන යථාර්ථය යි.

පෙර කී දේශපාලන බලවේග බොහොමයක් එකිනෙකට වෙනස් වුව ද, ඒ සියලු දෙනා එක් පොදු අරමුණකට එකඟ ය. ඒ රනිල් පැන්නීම යි. එය මෙතෙක් කළ නොහැකිව ඇත්තේ පුද්ගලයෙක් ලෙස තනි වූ රනිල් ගත් තීන්දුවෙන් ඔහු දේශපාලන වශයෙන් ශක්තිමත් වීම හේතුවෙනි.

මොවුන්ගේ මුලික උපාය වුයේ රනිල්ව ,  රාජපක්ෂවරුන් සමග එකට තබා පින්තාරු කිරීම යි. මුලින් ම කීවේ රනිල් යනු බැසිල්ගේ තේරීමක් බව යි. ඉන් පසු ඇති වූ දේශපාලන වර්ධනයන් සහ බැසිල්ට ඉල්ලා අස් වන්නට සිදුවීම මගින් එම අදහස පච වී ගියේ ය.

ඊළඟ උත්සාහය ගෝටා සහ රනිල් එකට තබන්නට ය. ගෝටාභය ජනාධිපති, අගමැති රනිල්ට එරෙහිව නොයෙක් උප්පරවැට්ටි යොදන විට එම අදහස ද දිය වී යමින් පවතියි. නමුත් එම උත්සාහය තවම ක්‍රියාත්මක ය.

දැන් සියලු බලවේග උත්සහ දරන්නේ ඉක්මනින් රනිල් එළවන්නට ය. ගාලු මුවදොර අරගලයේ අලුත් හිමිකරුවන් තීරණය කොට තිබුණේ මේ සතියේ අරගලය වඩා උත්සන්න කිරීමට ය. ඒ සඳහා උතසහ දරන ආකාරයක් ද පෙනෙන්නට තිබිණි.

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය පසුගිය සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කළේය. සර්ව පාක්ෂික අරගලකරුවන් කියාගත් කණ්ඩායම කීවේ එම පාර්ලිමේන්තු වර්ජනය කළේ තමන්ගේ ඉල්ලීමකට බව යි. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය රනිල්ගේ නිවෙස අසල කළ මෙහෙයුම ද ඒ සමග ම සිදුවීය. මෙයින් පෙනී ගියේ රනිල් එළවීමේ ඔවුන්ගේ හදිසි අවශ්‍යතාවය යි.

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය පසුගිය සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කළේය. සර්ව පාක්ෂික අරගලකරුවන් කියාගත් කණ්ඩායම කීවේ එම පාර්ලිමේන්තු වර්ජනය කළේ තමන්ගේ ඉල්ලීමකට බව යි. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය රනිල්ගේ නිවෙස අසල කළ මෙහෙයුම ද ඒ සමග ම සිදුවීය. මෙයින් පෙනී ගියේ රනිල් එළවීමේ ඔවුන්ගේ හදිසි අවශ්‍යතාවය යි.

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඉදිරි කාලයේ රට පුරා උද්ඝෝෂණ සංවිධානය කරන බව ප්‍රකාශ කොට තිබේ. සටන්පාටය ගෝටා රනිල් ආණ්ඩුව ගෙදර යැවීම යි. පෙරටුගාමී සමාජවාදීන් ඇතුළු තවත් කණ්ඩායම් මෙම පුළුල් පෙරමුණේ ක්‍රියාකාරී වන බව  නොරහසකි.

මොවුන් කියන්නේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳන්නට රනිල් අසමත්ව ඇති බව යි. ඉන්ධන පෝලිම් ,ගෑස් පෝලිම් අවසන් නැත. ගොවීන්ගේ පොහොර ටික ලැබී නැත. ආණ්ඩුව අසාර්ථකය . ගෙදර යා යුතු ය. තමන්ට රට භාරදිය යුතු ය.

වැදගත් කාරණය නම් තමන්ට ද මෙම ප්‍රශ්න වහා ම විසඳිය නොහැකි බව මේ කියන කවුරුත් පිළිගැනීම යි.

සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ මේ තිබෙන පෝලිම් මාස දහයකින්වත් ඉවර කළ නොහැකි බව යි. රට ගොඩ ගන්නට  තමන්ට වසර පහකට රට භාර දෙන්නැයි ඒ මහතා කියයි.

තමන්ට වසර පහක් ඉල්ලන සජිත් රට ගොඩ ගන්න රනිල්ට මාස පහක් දෙන්නට සුදානම් නැත. අනුර කුමාර ද කියන්නේ රනිල් වහා ම වැඩ පෙන්විය යුතු බව යි.

මේ කතා කියන්නේ රනිල් අගමැති වී මාස එක හමාරක් යන්නත් පෙර යි .

නමුත් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මෙන් ම හරිනි අමරසුරිය ද කියා ඇත්තේ තමන් බලය ගත්තත් වසර තුන හතරක් දුක් විඳින්නට ජනතාවට සිදුවන බව යි.

ඔවුන්ගේ ප්‍රකාශිත තර්කය නම් රනිල් අසාර්ථක බව කෙටි කාලෙකින් පෙන්වා ඇති බව යි. වහා ම රනිල් එළවිය යුතු බව ඔවුන් කියන්නේ ඒ ආකාරයෙනි.

කෙසේ වෙතත්, ඇත්ත එය ම ද යන්න කල්පනාවට ගත යුතුව ඇත. වහා ම රනිල් එළවන්න හදන්නේ රනිල් අසාර්ථක නිසා ද නැතහොත් රනිල් සාර්ථක වන්නට ඉඩ ඇති නිසා ද යන්න සිතා බැලිය යුතු කාරණයකි.

ඔවුන්ගේ ප්‍රකාශිත තර්කය නම් රනිල් අසාර්ථක බව කෙටි කාලෙකින් පෙන්වා ඇති බව යි. වහා ම රනිල් එළවිය යුතු බව ඔවුන් කියන්නේ ඒ ආකාරයෙනි.

කෙසේ වෙතත්, ඇත්ත එය ම ද යන්න කල්පනාවට ගත යුතුව ඇත. වහා ම රනිල් එළවන්න හදන්නේ රනිල් අසාර්ථක නිසා ද නැතහොත් රනිල් සාර්ථක වන්නට ඉඩ ඇති නිසා ද යන්න සිතා බැලිය යුතු කාරණයකි.

ඉන්ධන පෝලිම් අවසන් නැත. නමුත් ඉන්ධන ගැනීමට ඩොලර් ප්‍රශ්නය යම් පමණකට විසඳාගෙන ඇත. දැන් ප්‍රශ්නය මුදල් ගෙවන්නේ නැතිව තෙල් නැව් රස්තියාදු වීම නොවේ. පසුගිය කාලයේ පොලු තැබීම නිසා තෙල්  දෙන්නට  සැපයුම්කරුවන් සොයාගත නොහැකි වීම යි. එම ප්‍රශ්න විසඳාගනීමට ඇමැතිවරයා උත්සහ දරමින් සිටියි. එය සාර්ථක වන්නට ඉඩ ඇති බව විපක්ෂයට ද වැටහී ඇති බවට සැක නැත.

ගෑස් නැවකට ගෙවන්නට බැරි යුගය අවසන් ය. ලබන මස සිට ලබා දී ඇති ඇනවුම ගෑස් ටොන් ලක්ෂයකි. එය ලැබෙන්නට පටන් ගත හොත් එය ද රනිල් ආණ්ඩුවේ සාර්ථකත්වය පෙන්නුම් කිරීමකි.

පොහොර ටොන් 65,000 ක් ජුලි 6 දා ලැබීමට නියමිත ය.ඒ යල කන්නයට ය. මාස් කන්නයේ පොහොර ප්‍රශ්නයට ද විසඳුම් දී ඇති බව කියති.

එබැවින් රනිල් පන්නනවා නම් මේ දේවල් සිදුවන්නට පෙර එසේ කළ යුතු බව විපක්ෂය කල්පනා කිරීම ගැන  පුදුම විය යුතු නැත.

ජනතාවට අමතක වී ඇතැයි සිතෙන තවත් දේ ගැන ද වචනයක් කිව යුතු ය. වරායේ සිර වූ අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් දාහක් හමාරක් ගැන දැන් අසන්නට නැත. අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය බොහෝ දුරට විසඳා ඇති බව පෙනෙන්නට තිබේ. ඖෂධ මිල දී ගැනීමට ද මුදල් සොයාගෙන ඇති බවත් අගෝස්තුවේ ලැබෙන මුදල වසර එකහමාරකට ප්‍රමාණවත් බවත්, සෞඛ්‍ය ඇමැති ප්‍රකාශ කොට ඇත.

මේවා කයිවාරු පමනෙකැයි ද, සිදු නොවෙතැයි ද, විපක්ෂයට කිව හැකි ය. එය එසේ නම් විපක්ෂයට තියෙන්නේ රනිල් අසාර්ථක වන තෙක් මදක් බලා සිටින්නට ය.  එවිට ඔහු  එලවන්නට එතරම් කරදර වන්නට සිදුවන්නේ  නැත.

විපක්ෂයට රනිල් ඉක්මනින් එළවා දැමීමට අවශ්‍ය වී ඇත්තේ, ඔහු අසාර්ථක වන නිසා නොව සාර්ථක වන්නට ඉඩ ඇති නිසා ය. හැබැයි සාර්ථක වීම රනිල්ට ද පහසු නැත. කව්රුත් දන්නා පරිදි රනිල් යන වැල් පාලමේ වැල් කපන්නට බොහෝ දෙනා සිටින අතර හෙළ ද ඉතා ගැඹුරු ය.

විපක්ෂයට රනිල් ඉක්මනින් එළවා දැමීමට අවශ්‍ය වී ඇත්තේ, ඔහු අසාර්ථක වන නිසා නොව සාර්ථක වන්නට ඉඩ ඇති නිසා ය. හැබැයි සාර්ථක වීම රනිල්ට ද පහසු නැත. කව්රුත් දන්නා පරිදි රනිල් යන වැල් පාලමේ වැල් කපන්නට බොහෝ දෙනා සිටින අතර හෙළ ද ඉතා ගැඹුරු ය.

අනෙක් අතින් රනිල් සාර්ථක වුවහොත් ගෝටාභය ජනාධිපති ඔහුට ෂොට් එක දෙන්නට ඉඩ තිබෙන බව ද අමතක කළ යුතු නැත. ගඟෙන් එගොඩ වූ පසු පාරුව කර තබාගෙන යන සිරිතක් නැත.

ගෝටාභය ජනාධිපති රනිල්ව තියාගන්නේ “මට දැන් තනියම පුළුවන්” කියා ඔහුට සිතෙන තෙක් පමණකි.  ඔහුට එසේ සිතෙන්නේ කොයි මොහොතක ද යන්න කාටවත් සිතාගත නොහැකි ය.

ඔහුට හිතෙන හිතෙන දේ කරන්නට බලය තිබෙන තාක් කල් රනිල් පමණක් නොව රට ම අනතුරේ ය.

– සී ජේ අමරතුංග

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *