ආධාර දෙන හැටි සොයන්න අමෙරිකා රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හෙට මෙරටට

 

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ දී ආධාර දිය හැකි ආකාරය සොයා බැලීම සඳහා, අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හෙට(26) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

කොළඹ පිහිටි අමෙරිකා තානාපති කාර්යාලය නිවේදය කරනුයේ ඒම නියෝජිත පිරිස හෙට (26) සිට ලබන 29වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවය.

අදාළ නියෝජිත පිරිසට ආසියානු භාණ්ඩාගාර නියෝජ්‍ය සහකාර භාණ්ඩගාර ලේකම් රොබට් කැප්‍රොත්, දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා සහකාර රාජ්‍ය ලේකම් කෙලී කිඩර්ලින් ඇතුළ පිරිසක් ඇතුළත් වේ.

මොවුන් පුළුල් පරාසයක දේශපාලන නියෝජිතයන්, ආර්ථික විද්‍යාඥයින් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් හමුවනු ඇත.

පසුගිය සති දෙක තුළ, අමෙරිකාව ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා නව මූල්‍යකරණයෙන් ඩොලර් මිලියන 120 ක්, ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයට ඩොලර් මිලියන 27 ක දායකත්වයක් සහ ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූවන්ට උපකාර කිරීම සඳහා ඩොලර් මිලියන 5.75 මානුෂීය ආධාර ප්‍රකාශයට පත් කර ඇත. අවදානමට ලක්විය හැකි ජනගහනයට ජීවනෝපාය ආධාර සැපයීම සඳහා නව ප්‍රදානයන් සඳහා එක්සත් ජනපදය ඩොලර් මිලියන 6 ක් ද, ආර්ථිකය ස්ථාවර කිරීමට උපකාරී වන මූල්‍ය ප්‍රතිසංස්කරණ සඳහා තාක්ෂණික සහාය ද කැප කළේය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *