රනිල්ට වලකපන ශිරාල්, කිළී කල්ලියේ රෙදි ගැලවිමට මෙහෙයුමක්

එක්සත් ජාතික පක්ෂයට තර්ජනයක් වන ආකාරයට රටේ දේශපාලන තින්දු ගැනිම සදහා පසුගිය කාලසිමාවේ ජනාධිපතිවරයා පොළඹවාලීම සදහා කටයුතු කල කණ්ඩායම් ඉලක්ක කර මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරිමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් තින්දුවක් ගෙන තිබෙන බවට වාර්තා වේ.

ඒ අනුව කිළී මහා රාජාගේ මුදල්මත යැපෙමින් විවිධ සංවිධාන පිහිටුවාගෙන සිටින කණ්ඩායම් සහ එම කණ්ඩායම් මෙහෙයවනු ලබන පුද්ගලයන්ගේ  අතිශයින් රහසිගත තොරතුරු රැසක් ලගදිම වෙබ් අඩවි සහ පෞද්ගලික විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය කිහිපයක් හරහා රටේ ජනතාව අතරට යැවිමට සුදානම් කර තිබේ.

ඒ අනුව ඔවුන්ගේ පෞද්ගලික ජිවිත වලට සම්බන්ධ තොරතුරු මෙන්ම දේශපාලන බලය භාවිතා කරමින් වසන් කරන ලද ඝාතනයක් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන හරහා මුදල් ලබා ගත් ආකාරයන් සහ ඒවා සිය අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කල අකාරය පිලිබඳ සාක්ෂි සහිතව අනාවරණය කිරිමට නියමිත බව වාර්තා weyi

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කිරිමේ සටනේ එක්සත් ජාතික පක්ෂය කදවුරු දෙකකට බේදිම හේතුවෙන් එජාප අර්බුදය යලිත් මතුපිටට පැමිණි අතර කලක් සජිත් පිළ නියෝජනය කල ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක ජනාධිපති මන්දිරයේ සිට ඔහු විසින් අටවනු ලැබු දුෂණ විරෝධි පෙරමුණ නැමති රාජ්‍ය නොවන සංවිධානය හා මහා රාජාගේ මාධ්‍ය භාවිතා කරමින් අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කිරිම සදහා මෙහෙයුමක් දියත් කිරිම සම්බන්ධයෙන් එජාපය බරපතල ලෙස අර්බුදයකටලක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *