රජ පවුලේ අපරාධ ගැන පරීක්ෂණ 58ක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ උදවිය වන බැසිල් රාජපක්ෂ , ගෝටාභය රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ , යෝෂිත රාජපක්ෂ හා ශිරන්ති රාජපක්ෂගේ මුල්‍ය වංචා හා වෙනත් අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ 58ක් සිදුවන බව වාර්තාවෙයි .බරපතළ ගනයේ අපරාධ රැසක් එයට ඇතුලත් බව කියති .

පසුගිය පාලන සමයේ සිදු වූ මුල්‍ය අපරාධ 496ක් සම්බන්ධයෙන් FCID මගින් පරීක්ෂණ සිදුවන අතර මිනීමැරුම් වැනි අපරාධ 15ක් ගැන රහස් පොලිස් පරීක්ෂණ සිදුවෙයි . විශේෂ විමර්ශන ඒකකය සිදුකරන පරීක්ෂණ ගණන 6කි .

මෙම තොරතුරු හෙළිදරවු වී ඇත්තේ පසුගියදා පැවති  ඉහල පෙලේ  සමාලෝචන රැස්වීමක දීය .

මිට අමතරව ජනාධිපති විමර්ශන කොමිසම හා අල්ලස් හෝ දුෂණ  විමර්ශන කොමිසම ද තවත් පරීක්ෂණ ගණනාවක් ක්‍රියාත්මක කොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *