මූල්‍ය අරමුදලේ කට්ටිය හෙට එති

 

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම හෙට මෙරටට පැමිණීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජිවා මහත්මිය ඉකුත් 7 වැනිදා දුරකතනයෙන් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම හැකි ඉක්මනින් ලංකාවට එවීමට කටයුතු කරන ලෙසයි.

අගමැතිවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම හෙට  (20) ලංකාවට පැමිණෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය 9 වැනිදා දැනුම් දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සතියක පමණ කාලයක් මෙරට රැඳී සිටිමින් සාකච්ඡා පවත්වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *