චීනයේ IZP ගෘප් මත්තල සංවර්ධනයට එයි

ගුවන් යන නොඑන ගුවන් තොටුපොළක් ලෙස වාර්තා තබා ඇති මත්තල ගුවන් තොටුපල සංවර්ධනය භාර ගැනීමට චීනයේ IZP ගෘප් සමාගම ඉදිරිපත් වී ඇති බව දැනගන්නට ඇත . නව සේද මාවත පිලිබඳ සංකල්පයට සම්බන්ධ කොට මෙම සංවර්ධනය සිදුකරන බව කියති . චීනයේ සහ නැගෙනහිර ආසියාවේ සිට මැද පෙරදිගට අප්‍රිකාවට හා යුරෝපයට කෙරෙන ගුවන් ගමන් වලට සම්බන්ධ මධ්‍යස්ථානයක් ලෙස මත්තල ගුවන් තොටුපල සංවර්ධනය කිරීම මේ අනුව සිදුවනු ඇත .

මත්තල ගුවන්තොට සංවර්ධනය සදහා යෝජනා කැදවීමට රජය පසුගිය දා ක්‍රියා කළේය . යෝජනා භාරදීමේ අවසන් දිනය අගෝස්තු 12 දා ය .

චීනයෙන් ණය ලබාගෙන ඉදිකළ මත්තල ගුවන් තොට හා හම්බන්තොට වරාය සංවර්ධනය ච්නයටම පවරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම චීන සංචාරයේ දී චීන නායකයන්ට දැනුම් දුන්නේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *