බැසිල්ට හරියනම විකල්පය ධම්මික – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත 

 

” දෙයක් වේනම් යම් සුදුස්සාටම අයිති විය යුතු”  යනු හුණුවටයේ කතාව නාට්‍යයයේ එන ප්‍රකාශයකි. මහා නාට්‍යයකරු බර්ටෝල් බ්‍රෙෂ්ට් එම ප්‍රකාශය කළේ සමාජ සාධාරණත්වය සම්බන්ධයෙන් වුව, වෙනත් තත්ත්වයක් යටතේ වුව එම ප්‍රකාශය ගලපා ගත හැකිය යන අදහස මතු වන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුනට ධම්මික පෙරේරා මහතා පත්කරන්නට ආණ්ඩුව විශේෂයෙන්ම ජනාධිපතිවරයා ගත් තීරණය නිසාය.

මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වෙමින් බැසිල් රාජපක්ෂ මහතා කීවේ, තමා මෙවර පැමිණියේ අරමුණු දෙකක් ඉටු කර ගන්නටය යන්නය. එකක්, මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූයේ තමා නිසාය යන කියුම අනාථ කරනු සඳහාය. අනෙක තමාට තිබුණු නඩු වලට මුහුණ දෙන්නටය. අරමුණු දෙකම ඉටුවූ බව බැසිල් රාජපක්ෂ මහතා සිතනවා විය හැකිය. එහෙත් මෙවරත් මහින්ද රාජපක්ෂ මහතාට  ධූර කාලය ඉතිරිව තිබියදී ධූරයෙන් ඉවත් වන්නට සිදුවීම පිටුපස බැසිල් රාජපක්ෂ මහතා ගේ බලපෑම පැවති බව ” කපුටු කාක් කාක් කාක් – බැසිල් බැසිල් බැසිල් බැසිල් ” යන සටන් පාඨය අනුව පැහැදිලිය. ඊට අමතරව විමල්, ගම්මන්පිල ආදීන් පවසන ආකාරයට වත්මන් අර්බුදය පිටුපස අවලස්සන අමෙරිකානුවා ගේ බලපෑම තිබේ. අවලස්සන අමෙරිකානුවා යනු බැසිල් රාජපක්ෂ මහතාය. මහින්ද රාජපක්ෂ මහතාට සිය ධූරය අකාලයේ හැර යන්නට සිදුවූයේ වත්මන් අර්බුදය නිසා නම් ඒ අර්බුදයට එක් හේතුවක් බැසිල් නමැති සාධකය නම් මහින්ද පරාජය වූයේ තමා නිසාය යන මතය අනාථ කරන්නට ආවේය යන බැසිල් මහතා ගේ මතය නිශේධනය වේ. හේතුව මෙවරත් මහින්ද මහතාට බලය හැර යන්නට බලපෑ හේතුවක් ලෙස බැසිල් මහතා පවතින බැවිනි. බැසිල් මහතා ඉදිරිපත් කරන අනෙක් කාරණය එනම්, නඩුවලට මුහුණ දීමට තමා පැමිණියේය යන කරුණ ඔහු විසින් හිතුවාටත් වඩා හොඳින් සාර්ථක කරගෙන තිබේ. දිවිනැඟුම අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් පැවැති නඩුවෙන් මෙන්ම මල්වානේ ඉඩම සම්බන්ධයෙන් පැවති නඩුවෙන්ද ඔහු මේ වන විට නිදහස් වී ඇති බැවිනි.

යම් හේතුවක් නිසා තනතුරක් පුරප්පාඩු වූ විට ඊට අනුප්‍රාප්තිකයකු පත් කිරීමේදී පෙර සිටි තැනැත්තාට සමාන හෝ ඊට වැඩි හෝ සුදුසුකම් සහිත අයකු තෝරා ගැනීම සාමාන්‍ය සිරිත වේ. බැසිල් රාජපක්ෂ මහතා වෙනුවට තෝරාගත් ධම්මික පෙරේරා මහතා ගේ සුදුසුකම් සලකා බලන කල ඒ මහතා බැසිල් මහතා තරමටම හෝ ඊටත් වඩා සුදුසුකම් සහිත තැනැත්තකු බවට සැකයක් නැත. පළමු සුදුසුකම වන්නේ, ධම්මික පෙරේරා මහතා ද බැසිල් රාජපක්ෂ මහතා මෙන්ම චෝදනා ලාභී තැනැත්තකු වීමය. බැසිල් මහතාට ඉඩම් ගනුදෙනු, රජයේ අරමුදල් අවභාවිතය සම්බන්ධ චෝදනා එල්ල වී තිබුණේ ඒ මහතා මුදල් අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමටත් පෙර සිටය. ධම්මික පෙරේරා මහතාටත් මේ වන විටත් බදු වංචා, බැංකු බොල් ණය වැනි චෝදනා එල්ල වී තිබේ. බැසිල් යන නම සමඟ කොමිස් ගැන කියැවෙන අතර ධම්මික පෙරේරා යන නම සමඟ ” තරහට ගැසූ බදු ” පැහැර හැරීම් ගැන කියැවේ. එසේම, රතුපස්වල ජලය අපවිත්‍ර කිරීම, සායනක අපද්‍රව්‍ය බහාලුම් 130ක් ආනයනය වැනි චෝදනා සම්බන්ව ද ධම්මික මහතාගේ නම මේ වන විටත් කියැවී තිබේ.

යම් හේතුවක් නිසා තනතුරක් පුරප්පාඩු වූ විට ඊට අනුප්‍රාප්තිකයකු පත් කිරීමේදී පෙර සිටි තැනැත්තාට සමාන හෝ ඊට වැඩි හෝ සුදුසුකම් සහිත අයකු තෝරා ගැනීම සාමාන්‍ය සිරිත වේ. බැසිල් රාජපක්ෂ මහතා වෙනුවට තෝරාගත් ධම්මික පෙරේරා මහතා ගේ සුදුසුකම් සලකා බලන කල ඒ මහතා බැසිල් මහතා තරමටම හෝ ඊටත් වඩා සුදුසුකම් සහිත තැනැත්තකු බවට සැකයක් නැත. පළමු සුදුසුකම වන්නේ, ධම්මික පෙරේරා මහතා ද බැසිල් රාජපක්ෂ මහතා මෙන්ම චෝදනා ලාභී තැනැත්තකු වීමය.

බැසිල් මහතා පාර්ලිමේන්තුවට කැඳවා ගනු ලැබුණේ, රටත් ආර්ථිකයත් ගොඩගත හැකි එකම බලවතා ඔහු බව කියමිනි. ඒ මහතාට මොළ හතක් ඇති බවද ඇතමෙක් කීහ. කෙසේ වුව බැසිල් මහතා කරළියෙන් බැස ගියේ අතිශය අසාර්ථක තැනැත්තකු වශයෙනි. ධම්මි පෙරේරා ගැන මවා ඇති ප්‍රතිරූපය වන්නේ, මෙරට මුහුණ පා ඇති ඩොලර් හිඟයට උත්තර ඒ මහතා සතුය යන්නය. කෙසේ වුව සත්‍යය වන්නේ, ධම්මික පෙරේරා යනු මෙතෙක් තමා දැරූ වගකීම් වලදී විශේෂ දක්ෂතා කිසිවක් නොපෙන්වූ තැනැත්තෙකි යන්නය.ආයෝජන මණ්ඩලයේ සභාපති වශයෙන් ධම්මික පෙරේරා මහතා කටයුතු කළ නමුත් ඔහුගේ ධූරකාලය තුළ එහි සිදුවූ විශේෂ ප්‍රගතියක් ඇත්තේ නැත. ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් වශයෙන් ධම්මික මහතා කටයුතු කළ කාලය සම්බන්ධයෙන් ද කියන්නට ඇත්තේ එයමය.ඒ අනුව ගත් කල බැසිල් මහතා, ධූරයට පත් වූ පසුව තමාගේ අසාර්ථකභාවය ඔප්පු කළ අතර ධම්මික මහතා ධූරයට පත්වන්නටත් පෙරම තමා අසාර්ථක බව ඔප්පු කර තිබේ.

වර්තමානයේ ශ්‍රී ලංකාව අත්විඳිමින් සිටින්නේ නිදහසින් පසුව මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදයට බව කියති. ඒ අර්බුදය කෙරෙහිද ධම්මික මහතා ගේ සබඳතාවක් තිබේ. හේතුව ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ආර්ථික කටයුතු පිළිබඳ විශේෂඥ කමිටුවේ සාමාජිකයකු ව සිටීම නිසාය. එසේම මෙරට කොවිඩ් වසංගත ව්‍යාප්තිය දරුණු වීම කෙරෙහිද ධම්මික මහතා ගේ උපදෙස් බලපාන ලදැයි කියති.

ධම්මික පෙරේරා මහතා ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය මේවන විට අධිකරණය හමුවේ අභියෝගයට ලක්ව තිබේ. හේතුව ජාතික ලැයිස්තු මන්ත්‍රී පුරප්පාඩුවක් පිරවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සුදුසුකම් ඔහු විසින් සපුරා නොතිබීමය. එකී සුදුසුකම් වන්නේ ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුවක් පිරවීමට නම් එකී තැනැත්තා, අදාළ පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වූවකු; නාමයෝජනා දුන් තැනැත්තකු; ජාතික ලැයිස්තුවේ නම සඳහන් වූවකු විය යුතුය යන්නය. ධම්මික පෙරේරා ඉහත නිර්දේශ කිසිවක් සපුරා නැත.එසේ වුව ධම්මික මහතාට ජනාධිපතිවරයා ගේ කැමැත්ත ඉහළින් ම ඇති බව පැහැදිලිය. මන්ත්‍රී වන්නටත් පෙරම ජනාධිපතිවරයා ඒ මහතාට ඇමැතිකමක් ද සූදානම් කිරීමෙන් එය තහවුරු වේ.ජනාධිපතිවරයා ගේ  කැමැත්තේ තරම අනුවද බැසිල් මහතා සහ ධම්මික මහතා සමාන වෙති. එයද බැසිල් ගේ පුරප්පාඩුව පිරවීමට ධම්මික මහතාට ඇති සුදුසුකමකි.

බැසිල් රාජපක්ෂ මහතා මෙන් රාජපක්ෂවරයකු නොවන නමුත් ධම්මික පෙරේරා මහතා රාජපක්ෂ පවුලේත් රාජපක්ෂ දේශපාලනයේත් සමීපතම හිතවතෙකි. ගෝඨාභය රාජපක්ෂ පාලනය තුළ මෙරට ටයිල් ඒකාධිකාරය තමා සතු කරගන්නට ධම්මික පෙරේරා මහතාට හැකිව ඇත්තේ එම සබඳතා ද භාවිත කරමින් බව කියැවේ.

බැසිල් රාජපක්ෂ මහතා මෙන් රාජපක්ෂවරයකු නොවන නමුත් ධම්මික පෙරේරා මහතා රාජපක්ෂ පවුලේත් රාජපක්ෂ දේශපාලනයේත් සමීපතම හිතවතෙකි. ගෝඨාභය රාජපක්ෂ පාලනය තුළ මෙරට ටයිල් ඒකාධිකාරය තමා සතු කරගන්නට ධම්මික පෙරේරා මහතාට හැකිව ඇත්තේ එම සබඳතා ද භාවිත කරමින් බව කියැවේ.

ධම්මික මහතා ගේ පත්වීම සම්බන්ධයෙන් මතුකරන තවත් ගැටලුවක් වන්නේ, ඒ මහතා මන්ත්‍රී ධුරයට ඇමැති ධුරයකට පත් වුව හොත් , ඔහුගේ ව්‍යාපාර හිමිකම් හේතුවෙන් පක්ෂග්‍රාහී සහ උනන්දුව සම්බන්ධ ගැටුම්කාරී තත්වයක් ඇතිවේය යන්නය. ව්‍යවස්ථානුකූලව සහ නීතිමය වශයෙන් එවැන්නක් තිබිය හැකි වුවද, ජනාධිපතිවරයා සහ ධම්මික මහතා අතර සබඳතාව සහ කුළුපඟතාව අනුව දෙදෙනා අතර නම් පක්ෂග්‍රාහීත්වය සහ උනන්දුව පිළිබඳ ගැටුම්කාරී තත්වයක් කිසිසේත්ම ඇතිවනු ඇතැයි සිතන්නට හැකියාවක් නැත. ධම්මික පෙරේරා යනු රාජපක්ෂවරුන් ගේ ඇතැම් දේපළ වල නාමික හිමිකරුවායැයිද කියැවෙන නිසාය. සියල්ල අනුව පෙනීයන්නේ බැසිල් රාජපක්ෂ මහතා ගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුනට බැසිල් මහතා නියෝජනය කරන්නට ඉතාම සුදුසු පුද්ගලයා ජනාධිපතිවරයා විසින් තෝරාගෙන ඇති බවය. යම් තරමකින් හෝ අඩුවක් ඇත්නම් ඒ, බැසිල් මහතා ද්විත්ව පුරවැසියකු වන අතර ධම්මික මහතා ද්විත්ව පුරවැසියකු නොවීම පමණි.

 චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *