පෙට්‍රල් 23 දා, ඩීසල් 24 දා ; තෙල් නැව් එන හැටි ඇමති කියයි.

 

මෙරටට ඇනවුම් කොට ඇති පෙට්‍රල් නැවක් 23 දා සහ ඩීසල් නැවක් 24 දා ලැබීමට නියමිත බව විදුලිබල සහ බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා අද පැවසීය.

ඊට අමතරව බොරතෙල් නැව් තුනක් ඇනවුම් කොට ඇති බවත්, එම නැව් මෙම මස 29 දා , ලබන  මස 10 දා සහ 14 දා ලැබීමට නියමිත බව ද ඇමැතිවරයා කීය.

මීට අමතරව බලාපොරොත්තු වී සිටි තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් ලැබීම අවිනිශ්චිත වී ඇති බවත්, එය ලබා ගැනීමට දිගට ම උත්සහ දරන බවත්, ඇමතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

පවතින තොගවලින් වැඩිපුර ඩීසල් නිකුත්කිරීම ඊයේ සිට ආරම්භ කොට ඇති අතර පෙට්‍රල් නිකුත් කරනුයේ සීමා සහිතව ය.

එබැවින් 23 දින වනතෙක් අනවශ්‍ය ලෙස පෙට්‍රල් පෝලිම්වලට එකතු නොවන ලෙස ද බලශක්ති ඇමැතිවරයා ඉල්ලීමක් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *