ලංවිම ඉංජිනේරුවෝ මෙගාවොට් 4014 ක පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ප්‍රතික්ෂේප කරති – විගණන වාර්තාවකින් කරුණු හෙළිකරයි

සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් 2017 සිට මේ දක්වා අනුමත කළ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති මගින් පද්ධතියට එක්කර ගත හැකිව තිබු මෙගාවොට් 4014 ක විදුලි ධාරිතාවක් සම්බන්ධ කිරීම ලංකා විදුලි බල මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කොට ඇති බව ජාතික විගණන ආයතනයේ විගණන වාර්තාවක් මගින් හෙළිදරව් කොට ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකික කුඩා ව්‍යවසායකයින්ගේ මෙගාවොට් 10 ට අඩු ව්‍යාපෘති 1374 ක් මෙලෙස ප්‍රතික්ෂේප කොට තිබේ.

මෙලෙස මෙම ව්‍යාපෘති ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සාමාජිකත්වය දරන නිලධාරීන් විසිනි. මෙම ව්‍යාපෘති සම්බන්ධ කර ගැනීමට විදුලි ඉංජිනේරු සංගමය මෙතෙක් කිසිදු උත්සහයක් කොට නැත.

ජනතාවට අඩු මිල විදුලිය ලබා දීමට සටන් කරන බව කියන ඉංජිනේරු සංගමය මෙගාවොට් 4000 කට වැඩි ධාරිතාවක් ප්‍රතික්ෂේප කොට ඇත්තේ එමගින් විදුලි අර්බුදයට පරිසර හිතකාමී විසඳුමක් ලබාදීමේ හැකියාව තිබිය දී ය.

විදුලි ව්‍යාපෘති විදේශිකයන්ට දීම ගැන කතාකරන ඉංජිනේරුවන් මෙලෙස ප්‍රතික්ෂේප කොට ඇත්තේ දේශීය කුඩා ව්‍යවසායකයින්ගේ ව්‍යාපෘති වීම ද වැදගත් කාරණයකි.

මෙම බලාගාර ක්‍රියාත්මක කළේ නම් විදුලි අර්බුදයක් ඇති නොවන අතර, විදුලිය කැපීම, ඩීසල් මගින් විදුලිය නිපදවීම සහ වැඩි මිලට හදිසි විදුලි මිල දී ගැනීම් අවශ්‍ය වන්නේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *