21 සංශෝධනයට සහය දෙන්න පොහොට්ටුව එකඟවෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කොට ඇති 21 වැනි සංශෝධනය සම්මත කරගැනීම සඳහා සහය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වී ඇති බව වාර්තා වෙයි.

අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ සහ පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵල ලෙස මෙම එකඟත්වය ඇති වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් , ඇමතිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, රමේෂ් පතිරණ මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගී වී ඇත.

21 සංශෝධනය ඉදිරිපත් කිරීම කල් දමන ලෙස සාගර කාරියවසම් මහතා එහි දී ඉල්ලා ඇතත්, එම පක්ෂයේ ම අනෙක් නියෝජිතයින් එම අදහස ප්‍රතික්ෂේප කොට තිබේ.

ඒ අනුව 21 සංශෝධනය වහා ම ඉදිරිපත් කොට සම්මත කර ගැනීමටත්, පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමටත් එකඟතාවයකට පැමිණි බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *