රට ගොඩ දමන්න අපට වසර පහක් දෙන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රට ගොඩ දැමීමට ස්ථාවර ආණ්ඩුවක් තමන්ට අවශ්‍ය බවත්, එලෙස ආණ්ඩුවක් ලබා දෙන්නේ නම් වසර පහක දී රට ගොඩනගන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. රට ගොඩ දැමීමට දැනුම ඇති විශේෂඥයන් තමන් සමග සිටින බව ද ඒ මහතා කියයි.

මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කොට ඇත.

රට ගොඩ නැගීම සඳහා පැහැදිලි ජන වරමක් සහිත ආණ්ඩුවක් අවශ්‍ය බව ද විපක්ෂ නායකතුමා කියයි.

ආණ්ඩුව බංකොලොත් වුවද විපක්ෂය බංකොලොත් වී නැති බව ඒ මහතා වැඩි දුරටත් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *