“ශ්‍රී ලංකාවට ඩොලර් එවන්න එපා !” – වමේ පක්ෂයක් විදේශ මෙහෙයුමක

 

දේශපාලන අර්බුදය තුළ ආණ්ඩු පෙරලියක් කළ හැකි ව තිබෙන මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට මුදල් යවා එම තත්ත්වය දුර්වල නොකරන ලෙස මෙරට වමේ පක්ෂයක එතෙර සංවිධාන ජාත්‍යන්තර මෙහෙයුමක් දියත් කොට ඇති බව විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ කියති.

මෙරට වමේ පක්ෂයකට සම්බන්ධ බව කියන මෙම පිරිස මෙරටට මුදල් එවීම මේ මොහාතේ හැකිතාක් අඩු කරන ලෙස එම රටවල සිටින අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව කියති.

මුදල් ලැබුනහොත් ආණ්ඩුව ස්ථාවර විය හැකි බවත්, එසේ වුවහොත් ආණ්ඩු බලය වෙනස් කිරීමේ අවස්ථාව මගහැරෙන බවත්, මෙම පිරිස ප්‍රකාශ කරන බව කියති.

මැද පෙරදිග මෙන් ම ඉතාලියේ ද මෙම ව්‍යාපාරය ක්‍රියාත්මක බවට තොරතුරු ලැබී ඇත. රටවල් ගණනාවකින් මෙම තොරතුරු ලැබීම නිසා එය සංවිධානාත්මක මෙහෙයුමක් බව තහවුරු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *