ඉන්ධන ලැයිස්තු උත්සාහය ගැන – අනුර සූරියබණ්ඩාර 

මෙරට ඉන්ධන සහ ගෑස්  ප්‍රශ්නය මාරාන්තික තත්ත්වයකට පැමිණ තිබේ. එසේ කියන්නට හේතුව, පෝළිම් වල ජනතාව මිය යන තත්ත්වයක් උදා වී තිබීමය. ගැටලුව ඉදිරියේදී තවත් උග්‍ර වනු මිස සරල වන බවක් ද නැති බව පෙනෙන්නේ  ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් පසුව ඉන්ධන ලැබෙන ක්‍රමය අවිනිශ්චිත බැවිනි.

ප්‍රශ්නයට විසඳුම ලෙස ආණ්ඩුව යෝජනා කරන්නේ, ප්‍රමුඛතා පදනමක් මත ඉන්ධන බෙදා දෙන ක්‍රමයක් සකස් කිරීමය. විදුලිය, කම්හල්, රෝහල්, පොදු ප්‍රවාහනය වැනි විෂයයන්ට ප්‍රමුඛතාව ලැබීමට නියමිත බව ද කියැවේ. ඊට අමතරව ඉන්ධන පිරිමැස්මෙන් පාවිච්චි කරන්නට ද ඉල්ලීම් කෙරේ. පාපැදිය, පා ගමන පොදු ප්‍රවාහනය යොදා ගැනීම ඒ සඳහා විකල්ප ලෙස යෝජනා ද කෙරේ. පාපැදිය පා ගමන හොඳ නමුත් පා ගමන දුර ගමනට සුදුසු නැත. දහදිය පෙරාගෙන පයින් යන්නට කිසිවකු කිසිවකුට කීම ද සාධාරණ නැත. පාපැදිය ගැන ද කරුණු එසේ ම වන අතර පාපැදි මිලදී ගැනීම ද පහසු නැත. පාපැදි මිල තිබුණාට වඩා කිහිප ගුණයකින් වැඩ් වී ඇති සේම පරණ පාපැදි අලුත්වැඩියා කර ගන්නටත් අමතර කොටස් ආදිය නැත.

අසීරුවෙන් හෝ පාපැදියට පාගමනට හුරු වුවත් එමඟින් පමණක් ප්‍රශ්නයට උත්තර ලැබෙන්නේ ද නැත. පෞද්ගලික වාහන පදවන සියල්ලන් පොදු ප්‍රවාහනය භාවිත කරන්නට යොමු වුවහොත් ඒ පිරිස දරාගන්න⁣ට හෝ ඒ පිරිසට පහසුකම් සපයන්නට පවතින පොදු ප්‍රවාහනයට හැකියාවක් ද නැත. පොදු ප්‍රවාහනයේ ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක හෝ වෙනසක් ඉක්මනින් කරනවාට වඩා පහසුවෙන් දැනට පවතින වාහන වලට ඉන්ධන සැපයීම ප්‍රායෝගිකව පහසුය.

එ හෙයින් ඊළඟ විසඳුම  ආණ්ඩුව කියන ප්‍රමුඛතා ලැයිස්තුවට යාමය.

ප්‍රමුඛතා ලැයිස්තුව සැකසෙනු ඇත්තේ ආණ්ඩුව ප්‍රශ්නය තේරුම් ගෙන ඇති පිළිවෙළ අනුවය රෝහල්, කම්හල්, බලාගාර ආදි නම් කියැවෙන්නේ ඒ නිසාය. රෝහල් යනු ගිලන් රථ, සෞඛ්‍ය උපකරණ ආදිය ප්‍රවාහනය කරන රථ ආදියය. නමුත් සෞඛ්‍ය සේවය යනු ගිලන් රථ, භාණ්ඩ ප්‍රවාහන රථ මගින් පමණක් තීරණය වන්නක් නොවේ. ගිලන් රථයට ඉන්ධන ලැබුණත් එහි රියැදුරුට, හෙදියට වෛද්‍යවරයාට සේවයට පැමිණෙන්නට ඉන්ධන නැතිනම් සෞඛ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවන්නට නොහැකිය.

ප්‍රමුඛතා ලැයිස්තුව සැකසෙනු ඇත්තේ ආණ්ඩුව ප්‍රශ්නය තේරුම් ගෙන ඇති පිළිවෙළ අනුවය රෝහල්, කම්හල්, බලාගාර ආදි නම් කියැවෙන්නේ ඒ නිසාය. රෝහල් යනු ගිලන් රථ, සෞඛ්‍ය උපකරණ ආදිය ප්‍රවාහනය කරන රථ ආදියය. නමුත් සෞඛ්‍ය සේවය යනු ගිලන් රථ, භාණ්ඩ ප්‍රවාහන රථ මගින් පමණක් තීරණය වන්නක් නොවේ. ගිලන් රථයට ඉන්ධන ලැබුණත් එහි රියැදුරුට, හෙදියට වෛද්‍යවරයාට සේවයට පැමිණෙන්නට ඉන්ධන නැතිනම් සෞඛ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවන්නට නොහැකිය.

ගෑස් සම්බන්ධයෙන් ද මේ ආකාර ප්‍රමුඛතා ලැයිස්තුවක් ක්‍රියාත්මකව කම්හල් ආදියට මුල්තැන දී ඇතත් ගෙදර කුස්සියේ ගෑස් ප්‍රශ්නයට උත්තරයක් නැත. බඩගින්න නිවීම උයාගෙන කෑම අත්‍යවශ්‍ය නොවන රටක කම්හල් පවත්වන්නට හැකි වනු ඇත්තේ කෙටි කාලසීමාවකටය. හාමත් ජනතාවට කම්හල් ක්‍රියාත්මක කරවන්නට නොහැකි සේම රැකියාවට නොය ශ්‍රමබලකාය පෝළිම් වල කල් ගෙවන රටක නිශ්පාදන සෙවා දෙ අංශයම පලදායී වන්නේ නැත.

දැනටමත් ජනතාව අත්‍යවශ්‍ය නොවන ගමන් නතර කර ඇත. නතර කර ඇත යන්නට වඩා නිවැරදි වන්නේ, ඉන්ධන මිල සහ හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන ගමන් නතර කරන්නට සිදුව ඇත යන්න වුව,  කෙසේ හෝ අත්‍යවශ්‍ය නොවන ගමන් දැනටමත් යම් තරමකට හෝ පාලනය වී  තිබේ. දැන් පවතින්නේ රැකියාවට යාමට රැකියාවේ නිරත වන්නට ඉන්ධන නොමැති තත්ත්වයකි. ඉන්ධන හලකින් ප්‍රමුඛතාව ගන්නට ගිය පොලිස් රියකට ජනතාව විරෝධය පෑම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ අත්‍යවශ්‍යතාව සලකා පොලිසියට අවස්ථාව සළසා දෙන බව වුවත් එවැනි එක් විරෝධයක විරෝධය පෑ අය අතර වෛද්‍යවරුන්ද සිටි බව පෙනුණි. පොලිස් රිය සහ වෛද්‍යවරයා ගේ රිය ප්‍රමුඛතාව අනුව පෙළගස්වන සූත්‍රය කුමක්දැයි පැහැදිලි කරන්නට හැකියාවක් නැත. පැලැස්තර වෙනුවට තිරසාර විසඳුමක් ඉන්ධන ප්‍රශ්නයට අවශ්‍ය වන්නේ ඒ නිසාය. එකම විසඳුම සියලු සේවා සහ පෞද්ගලික අවශ්‍යතා අවම මට්ටමකින් හෝ පවත්වා ගන්නට සෑහෙන ඉන්ධන ප්‍රමාණයක් සපයා ගන්නට වැඩපිළිවෙළක් සම්පාදනය කිරීමය. ඒ සඳහා දැනටමත් පමා වැඩි බව වටහා ගන්නටත් ප්‍රශ්නයට උත්තර සොයන්නටත් බලධාරින් පමාවන තත්ත්පරයක් පාසා රට වැටෙන්නේ තවත් ප්‍රපාතයටය.

  අනුර සූරියබණ්ඩාර 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *