අදානි එනකල් වසර තුනක් ලයිට් කපන්නම වෙනවා – ලංවිම ඉංජිනේරු සංගමය

 

අද පවතින විදුලි ඉල්ලුම ලබාදීමට ප්‍රමාණවත් බලාගාර ඉදි කර නොමැති නිසා ඉදිරි වසර තුනක කාලයේ දී විදුලිය විසන්ධි කිරීම දිගට ම ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රන්ජිත් මහතා ප්‍රකාශ කොට ඇත.

අදානි සමාගමේ සුළං විදුලි ව්‍යාපෘතිය අද අනුමත කොට ලබා දුන්නත් එයින් විදුලිය නිපදවන්නට වසර තුනක් ගතවන බවත්, අදානි ව්‍යාපෘතිය නොමැති නම් එම විදුලි ඉල්ලුම ලබාදීමට වෙනත් බලාගාර ඉදිවිය යුතු බවත්, ඒ මහතා කියයි. ඒ මහතා කියන්නේ අවශ්‍ය බලාගාර ඉදිවන තෙක් විදුලි කපාහැරීම නොවැලක්විය හැකි බවයි.

සුනිත්‍ය  බලශක්තියට හෝ අදානිට හෝ තම විරුද්ධත්වයක් නැති බවත්, තමන් විරුද්ධ වන්නේ තරගකාරී ටෙන්ඩර් ක්‍රමය ඉවත් කිරීමට බවත් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

හැමෝම ඉංජිනේරුවන් ලෙස සිතමින් තීරණ ගන්නට යෑම සහ දේශපාලඥයන් සියලු දේ දන්නා බව සිතා කටයුතු කිරීමත් නොකළ යුතු බව කියන ඒ මහතා කියන්නේ රජය කළ යුත්තේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් හදන සැලසුම් ක්‍රියාත්මක කිරීම බව යි.

ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *