වසර එක හමාරකට ඖෂධ ගන්න ඩොලර් මිලියන 400 ක් ලැබුණා ; වසරකට අවශ්‍ය මිලියන 260 යි – සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල

 

අගෝස්තු මස සිට ඉදිරියට වසර එක හමාරක් සඳහා ඖෂධ ලබා ගැනීමට ප්‍රමාණවත් ඩොලර් මිලියන 400 ක මුදලක් ලැබී ඇති බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ ප්‍රකාශ කළේය. වසරක ඖෂධ ආනයනයට අවශ්‍ය වන්නේ ඩොලර් මිලියන 260 ක් බව ද ඒ මහතා කීය.

පසුගිය කාලයේ හිගව තිබු ඇතැම් ඖෂධ වර්ග මේ වන විටත් ලබාගෙන ඇති බවත්, බරපතළ ප්‍රශ්නයක් මේ වනවිට නැති බවත් කී රඹුක්වැල්ල මහතා අගෝස්තු වන විට සියලු ප්‍රශ්න යථා තත්ත්වයට පත්වන බව ද කී ය.

පසුගිය කාලයේ හිගව තිබූ ජලභීතිකා එන්නත් ආදිය ද මේ වන විට ලබාගෙන ඇති බව ඒ මහතා පැවසීය.

චීනයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබුණු පරිත්‍යාග තොගයක් භාර ගැනීමේ අවස්ථාවකට සහභාගී වෙමින් සෞඛ්‍ය ඇමැතිවරයා  මේ බව කී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *