රනිල් ඉවත් කරන්න ගෝටාට බලය දෙනවා ද ? 21 ගැන තවත් සාකච්ඡාවක් හෙට

 

වත්මන් අගමැතිවරයා ඉවත් කිරීමට වත්මන් ජනාධිපතිට බලය තිබිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 21 වැනි සංශෝධනයට ඉදිරිපත් කොට ඇති සංශෝධනය ඇතුළු ප්‍රශ්න ගණනාවක් ගැන පක්ෂ අතර තවත් සාකච්ඡාවක් හෙට දිනයේ පැවැත්වීමට නියමිත ය.

විවිධ පක්ෂ මගින් ඉදිරිපත් කොට 21 සංශෝධනයට ඇතුළත් කොට ඇති වගන්ති පිළිබඳව අනෙක් පක්ෂවල අදහස් විමසීම මෙම සාකච්ඡාවේ අරමුණ වී ඇති බව කියති.

අගමැති ඉවත්කිරීමට ජනාධිපතිට ඇති බලය 21 සංශෝධනය මගින් සීමා කොට ඇතත්, වත්මන් අගමැති සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිට එම බලය තිබිය යුතු බව පොදුජන පෙරමුණ කියයි. එසේ වුව ද, එමගින් අගමැති පාලනය කිරීමේ බලය ජනධිපතිට ලැබෙන බැවින් 21 සංශෝධනයේ අරමුණ ඉටු නොවන බවට විරෝධතා පළ වී තිබේ.

මෙබඳු ප්‍රශ්න නිසා 21 වැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය දීම ද ප්‍රමාද වෙමින් පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *