ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගන්න ඕමාන සමාගමක් සමග ගිවිසුමක් !

 

ශ්‍රී ලංකාවට ඉදිරි කාලය සඳහා අවශ්‍ය ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් නොකඩවා ලබා ගැනීම සඳහා ඕමාන සැපයුම්කරුවකු සමග ගිවිසුම් ගත වීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කරයි. ඉදිරි මාස හතරක් සඳහා ගෑස් ලබාගැනීමට මෙමගින් අපේක්ෂා කෙරෙයි.

ගෑස් මිල දී ගැනීම සඳහා මිල ගණන් කැඳවීමේ දී ඕමාන සමාගමෙන් ටොන් එකක් සඳහා ඩොලර් 129 ක් සහ තායිලන්තයේ සියාම් සමාගමෙන් ඩොලර් 112 ක් වශයෙන් මිල ගණන් ලැබී ඇත. එසේ වුව ද තායිලන්ත සමාගම එම මිල ලබා දී ඇත්තේ ගෑස් ටොන් 6000 ක් සඳහා පමණකි . ඕමාන සමාගම මාස හතරක් සඳහා ටොන් ලක්ෂයක් ලබා දීමේ ගිවිසුමකට ඉදිරිපත් වී ඇත.

නොකඩවා ගෑස් සැපයීමට ඕමාන සමාගම සමග දිවිසුම් ගත වීම සුදුසු බව ලිට්රෝ සමාගමේ මතය වී තිබේ.

දැනට ලැබී ඇති ටොන් 3900 මෙම තත්ත්වය යටතේ කිසිසේත් ප්‍රමාණවත් නැති බවත්, ඉදිරි කාලය සඳහා කිසිදු ඇනවුමක් කිරීමට හිටපු පාලනය කටයුතු කොට නැති බවත්, ලිට්‍රෝ නව සභාපතිවරයා කියයි.

මාසයක් දෙකක් තුළ ප්‍රශ්නය විසඳීම තම අපේක්ෂාව බව ඒ මහතා වැඩි දුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *