ලසන්ත ඝාතක කණ්ඩායමේ ලීඩර් සාජන්ට් මේජර් උදලාගම අත් අඩංගුවට ගැනීමත් සමග ගෝඨා පිස්සෙක් වෙලා..! රට වටේට කෝල් දීලා..!

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඇතුළු මාධ්‍යවේදීන් ඝාතනයට, මාධ්‍යවේදීන්ට එල්ල කළ ප්‍රහාරයන්ට වග කිව යුතු මිනීමරු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළැයි සැක කෙරෙන යුද හමුදාවේ සාජන්ට් මේජර් උදලාගම නමැත්තා අත් අඩංගුවට ගැනීමෙන් පසු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පරල වී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ අගමැතිවරයාටද, ආරක්ෂක ලේකම්වරයාටද, නීතිපතිවරයාටද, පොලිස්පතිවරයාට ද, දුරකථන ඇමැතුම් ලබා දෙමින් අත් අඩංගුවේ පසුවන සාජන්ට් මේජර් උදලාගම බේරා ගැනීම සඳහා කතා කර තිබේ. 

අගමැතිවරයා පවසා ඇත්තේ මෙම අත් අඩංගුවට ගැනීම ගැන තමන් කිසිවක් නොදන්නා බවත් ලසන්ත ඝාතනයේ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි ආකාරයෙන් කරගෙන යන බවත් ය. තමන් හෝ ජනාධිපතිවරයා හෝ ඒ කිසිදු පරීක්ෂනයකට ඇඟිලි ගැසීමක් සිදු නොකරන බවද අගමැතිවරයා අවධාරණය කර තිබේ.

අගමැතිගේ ප්‍රකාශයෙන් දුර්මුඛ වූ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වරයාට ද, පොලිස්පතිවරයාටද, නීතිපතිවරයාටද දුරකථන ඇමැතුම් ලබා දුන් නමුත් ඒ කිසිවෙක් ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය ආකාරයට පරීක්ෂණ අඩාල කිරීම සඳහා ප්‍රතිචාර දක්වා නැත.

ඉන් පසුව මේ දිනවල රාජපක්ෂ පවුලේ නීතිඥයා ලෙස කටයුතු කරන හිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල් ශවීන්ද්‍ර ප්‍රනාන්දු යොදවා නීතිපති දෙපාර්තමේන්තුවේ වත්මන් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයෙකුට බලපෑම් කරවා ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. ශවීන්ද්‍රගේ මිතුරු අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා නීති විරෝධී ආකාරයෙන් මේ සම්බන්ධයෙන් මැදිහත් වන්නේදැයි ලංකා ඊ නිව්ස් පරීක්ෂාවෙන් සිටින බව දන්වමු.  

ලසන්ත ඝාතක නායකයා අත් අඩංගුවට පත් වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂට හැදුනු ‘බඩේ අමාරුව‘ අනුව සැබෑ ඝාතක නායකයා කව්දැයි හෙලිවන බව දේශපාලන විචාරකයෝ පවසති.

මේ අතර අත් අඩංගුවට පත් සාජන්ට් මේජර් උදලාගම නමැත්තා අද සවස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව සීඅයිඩියේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණ අවසරය ලබා දී තිබේ. අවශ්‍ය වුවහොත් ඔහු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට තැබෙනු ඇත.

ඝාතකයන් ගැන ඇසින් දුටුවන් ගේ සාක්කි අනුව සකසන ලද චිත්‍ර සටහන් දෙකක් පසුගියදා රහස් පොලිසිය විසින් නිකුත් කරන ලද අතර ඉන් එකක සිටින්නේ අත් අඩංගුවට පත් සැකකරු යයි හිරු රූපවාහිනිය වාර්තා කර තිබිණ.

අත් අඩංගුවේ පසුවන සාජන්ට් මේජර් උදලාගම නමැත්තා වෙනුවෙන් රුෂ්බි හබීබ් නම් නීතිඥයෙකු පෙනී සිටියේ ය.

lankaenews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *