අද ප්‍රධාන හතුරා ආර්ථික අර්බුදයයි ; මුහුණ දෙනවා නම් රනිල්ට වුණත් සහය දෙනවා – ජානිපෙ නායක විමල් වීරවංශ

 

මේ මොහොතේ ප්‍රධාන සතුරා වන්නේ ආර්ථික අර්බුදය බවත්, එයට මුහුණ දීමේ වගකීම ගන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතාට වුව ද සහය දීමට සුදානම් බවත්, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා කියන්නේ මේ මොහොතේ ප්‍රශ්නය වන්නේ ” භේද වී විනාශ වෙනවා ද ? එක් වී ගොඩ යනවා ද ? ” යනුවෙන් බව යි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට ජනාධිපතිතුමා පොළඹවන ලද්දේ ඇමැතිකම්වලට කෑදර වූ කණ්ඩායමක් බව කී වීරවංශ මහතා ජනාධිපතිතුමාගේ එම තීරණයේ සදාචාර ප්‍රශ්නයක් තිබිය හැකි වුවත්, එය නීත්‍යනුකුල තීරණයක් බව ද කී ය.

ආර්ථික අර්බුදයට වික්‍රමසිංහ මහතා පිළිතුරු සොයන්නේ ඔහු කාලයක් තිස්සේ දරන මත අනුව බවත්, අත්‍යවශ්‍යයෙන් ගතයුතු පියවර මෙතෙක් ගෙන නැති බවත්, විමල් වීරවංශ මහතා වැඩි දුරටත් පවසයි.

රුපවාහිනී වැඩ සටහනකට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *