පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති 60 ක ගිවිසුම් සති දෙකකින් – ඇමැති කාංචන විජේසේකර


 

විදුලිබල පනත සම්මතවීමත් සමග පළමු පියවර ලෙස 2014 වර්ෂයේ සිට පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් අවශ්‍ය සියලුම අනෙකුත් බලපත්‍ර ලබා විදුලිය මිලදීගැනීමේ ගිවිසුම් ගත වීම කිරීමට නොහැකි වූ ව්‍යාපෘති 60ක බලපත්‍රලාභීන්ට සති දෙකකින් ගිවිසුම් ගතකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා තීරණය කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සහ ව්‍යාපෘති ලාභීන් අතර අද පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹිණි.

විදුලිබල පනතේ නෛතික බාධාවන් ඉවත්ව ඇති බැවින් මොවුන්ට අවශ්‍ය මිලදීගැනීමේ ගිවිසුම් සති දෙකක් තුල අවසන් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

(යොහාන් භාසුර)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *