රනිල් පතුරු ගසමින් සිටි විපක්ෂ ප්‍රබලයෙක් රනිල් වෙත එයි !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තනතුර භාරගත් අවස්ථාවේ සිට ඒ මහතා දැඩි ලෙස විවේචනය කරමින් සිටි විපක්ෂ ප්‍රබලයකු ඉදිරියේ දී ආණ්ඩුවට සම්බන්ධවීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව තතුදත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසුව මෙම ප්‍රබලයා ආණ්ඩුවට සම්බන්ධවීමට සැලසුම් කොට ඇති බව දැනගන්නට ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිලිබඳ දැඩි කළකිරීමක සිටින මෙම ප්‍රබල දේශපාලඥයා සජිත් අගමැති කිරීම සඳහා දැඩි උත්සහයක් දැරූ අයෙකි. පක්ෂයට තිබු අනගි අවස්ථාව සජිත් අහිමි කරගත් බව ඔහු දැන් ප්‍රකාශ කරන බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *