මව්වරු වදභාවයට පත්කළේයැයි චෝදනා ලැබූ වෛද්‍ය සාෆි සහබ්දීන් ලක්ෂ විසිහයක හිග වැටුප රෝගීන්ට බෙහෙත් ගන්න දෙයි

 

ජාතිවාදී පදනමින් මව්වරු වදභාවයට පත්කළේයැයි බොරු චෝදනා ලැබූ කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය සාෆි සහබ්දීන් අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල හිඟ වැටුප් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔහුට චෙක්පතකින් ලබාදී ඇති අතර එය හිඟ වැටුප සම්පූර්ණයෙන් ම මෙරටට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා යළි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී තිබේ

අභියාචනාධිකරණය විසින් ඔහුට හිමි හිඟ වැටුප් ඇතුළු දීමනා ජූලි 10 වෙනිදාට පෙර ගෙවන ලෙසට පසුගියදා නියෝග කොට තිබුණි.

ඒ අනුව ඔහුට රුපියල් විසිහය ලක්ෂ හැත්තෑ පන්දහස් අටසිය දහසයයි ශත හතළිස් අටක මුදලක් හිමිව තිබේ.

එම මුදල නැවතත් ඔහු විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇත්තේ මේ වන විට රටේ හිඟ අත්‍යවශය ඹෟෂධ මිලද ගැනීම සඳහාය.

අනිවාර්යය නිවාඩු යවනු ලැබ සිටි විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යළි සේවයට කැඳවීමට නියෝග කොට තිබිණි.

විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට එරෙහිව ජාතිවාදී පදනමින් මතුකළ චෝදනාවලට කිසිදු පදනමක් නැති බව මේ වන විට තහවුරු වී ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *