වියදම් සැරයි – දරාගන්න බැහැ ; නගරයේ පාසල් ආ සිසුහු ගමට යන්න ඉල්ලති

නගරයේ පාසල්වලට ආ සිසුන් තම ගම්වල පාසල්වලට ඇතුළත් කොට දෙන ලෙස මව්පියන්ගෙන් ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ලැබීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බව අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස් ආර් හසන්ති මහත්මිය ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වයට විසඳුම් ලෙස ගම්වල ඇතැම් පාසල් විදුහල්පති වරුන් නගරයේ පාසලින් සිසුන් ඉවත් කර නොගෙන ගමේ පාසලේ ඉගෙනීම ලැබීමට අවස්ථා ලබා දී ඇති බව ද එතුමිය සඳහන් කළාය .

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ගමන් වියදම් සහ වෙනත් වියදම් දැරිය නොහැකි තරම් ඉහළ යාම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබේ.

කොවිඩ් සහ පසුව පැමිණි ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපනයේ ඇතිවී තිබෙන අර්බුදය සහ විසඳුම් පිලිබඳ අන්තර් ජාලයේ අතත්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් එතුමිය මෙම තොරතුරු හෙළි කළාය. රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර, මාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ, වෛද්‍ය තාරා ද මේල් මහත්ම මහත්මීන් සහභාගී වූ සාකච්ඡාව මෙහෙයවන ලද්දේ ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය විසිනි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් සාකච්ඡාව සංවිධානය කොට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *