විදුලිබල පනතේ දී පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිට එරෙහි වෙති

පසුගියදා විවාදාත්මක විදුලිබල සංශෝධන පනත සම්මත කිරීමේ දී එයට සංශෝධන එකතු කරන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයක් විරුද්ධ වූ බව වාර්තා වෙයි.

ලංවිම වෘත්තීය සමිති ඉල්ලන සංශෝධන පනතට ඇතුළත් කරන ලෙස ජනාධිපති කළ ඉල්ලීම නොතකා හැර පනත ඉදිරිපත් කොට තිබු ආකාරයෙන් ම සංශෝධන රහිතව සම්මත කිරීමට මන්ත්‍රීවරුන්ගේ බහුතරයේ සහය හිමි වී තිබේ.

මෙගා වොට් 10 ට වැඩි බලාගාර ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් ක්‍රමය අනිවාර්ය කළ යුතු බවට ඉදිරිපත් වූ සංශෝධනය ඒ අනුව ප්‍රතික්ෂේප කරනු ලැබී ය.

බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ ටෙන්ඩර් ක්‍රමය රජයේ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය විය යුතු වුව ද, එය මෙම නීතියට ඇතුළත් නොකළ යුතු බව යි. එය නීතියට ඇතුළත් කළ හොත් හදිසි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී තිබිය යුතු නම්‍යතාවය අහිමි වන බව ද ප්‍රකාශ වී ඇත.

ටෙන්ඩර් ක්‍රමය ද දුෂණයට හේතු වන බවත්, විදුලිබල මණ්ඩලයේ දැන් සිදුවන දුෂණ සියල්ල ම සිදුවන්නේ ටෙන්ඩර් ක්‍රමය තුළින් බවත් තවත් අය පෙන්වා දී තිබේ.

බොහෝ දෙනා දැඩිව ප්‍රකශ කොට ඇත්තේ ලංවිම විදුලි මාෆියාවට ජයග්‍රහණයක් වන කිසිදු සංශෝධනයක් නොකළ යුතු බව යි.

ඒ අනුව මන්ත්‍රීවරුන් බහුතරය සංශෝධනවලින් තොරව පනත සම්මත කරද්දී ජනාධිපතිවරයාගේ මතය නියෝජනය කළ හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විරෝධය ප්‍රකාශ කරමින් සභා ගැබින් ඉවත්ව ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *