|

සුළං ව්‍යාපෘතිය අදානිට දෙන කතාව කියවුණේ මගේ ඔලුව මඤ්ඤං වෙලා – ලංවිම සභාපති කොන්දේසි විරහිතව සමාව ඉල්ලයි

 

මන්නාරමේ සුළං බල ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදෙන ලෙස ඉන්දීය අගමැතිවරයා ඉල්ලා ඇති බවත් ,ඒ අනුව එය ලබා දීමට කටයුතු කරන ලෙසත්, ජනාධිපතිතුමා තමාට පැවසු බවට කෝප් කමිටුව හමුවේ සිදු කළ ප්‍රකාශය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා  සමාව ඉල්ලා තිබේ.

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ එම කමිටුව හමුවේ දී තමන් විසින් සිදුකරන ලද ‘ඉන්දීය අගමැති’ යන වචනය ඉල්ලා අස්කර ගන්නා බවයි.

ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව තමන් සමාව ඉල්ලා සිටින බවද ලිපියේ සඳහන් කර ඇත.

තමන් විසින් එම කමිටුවේ සිදුකරන ලද පැහැදිලි කිරීමේ දී තිබූ පීඩනය සහ හැඟීම් හේතුවෙන් ඒ ආකාරයෙන් ප‍්‍රකාශයක් සිදු වූ බව ද ඔහු විසින් යොමු කළ ලිපියේ සඳහන් වෙයි.

ලංවිම සභාපතිගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කිරීමෙන් පසුව ලංවිම අභාපතිවරයා මෙම සමාව අයැදීම සිදුකොට තිබේ.

ඒ අනුව දැන් ප්‍රශ්නයේ තත්ත්වය මේ ආකාර වෙයි.

මන්නාරමේ සුළං බල ව්‍යාපෘති අදානි සමාගමට දෙන්නැයි ඉන්දීය අගමැතිවරයා ඉල්ලීමක් කොට නැත. එබඳු ඉල්ලීමක් කළ බවක් ජනාධිපතිතුමා විදුලිබල මණ්ඩල සභාපතිතුමාට කීවේ ද නැත. එම ව්‍යාපෘතිය අදානිට දෙන්නැයි ලංවිම සභාපතිට කිසිවෙකු කීවේ ද නැත.

සභාපතිතුමාගෙන් එබඳු කතාවක් කියවුණේ කෝප් කමිටුවේ ප්‍රශ්නකිරීම් නිසා ඒ මොහොතේ ලංවිම සභාපතිගේ මොලේ මඤ්ඤං වී තිබීම හේතුවෙනි.

පාටකයා මෙම කරුණු හොඳින් තේරුම් ගත යුත්තේ ය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *