දුප්පත් ම ලක්ෂ 20 කට නොමිලේ ආහාර වේල් දෙකක්

රටේ දිළිඳු ම සියයට 10 ක් ජනයාට දිනකට ආහාර වේල් දෙකක් නොමිලේ ලබාදීමේ වැඩ සටහනක් සකස් කොට ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග ඊයේ පැවති සාකච්ඡාවක දී අගමැති තුමා මෙම කරුණ හෙළිකොට තිබේ.

ජනගහනයෙන් සියයට 10 ක් යනු ලක්ෂ 22 කට ආසන්න ජන සංඛ්‍යාවකි.

අගමැතිතුමා කියන්නේ මෙම පිරිසට වත්මන් අර්බුදය තුළ ආහාර ලබාගැනීමේ දුෂ්කරතාව සලකා වේල් දෙකක් නොමිලේ ආහාර සැපයීමට කටයුතු කරන බවයි. ජාත්‍යන්තර ආධාර ලබා ගනිමින් මෙම වැඩ පිළිවෙළ සාර්ථක කරගත හැකි වනු ඇති බව අගමැතිතුමා පවසයි.

දිළිඳු ජනයාට නොමිලේ ආහාර දීමේ වැඩ පිළිවෙළක්  සකස් කරන බව අගමැතිතුමා පසුගිය දා පාර්ලිමේන්තුව අමතා කළ කතාවේ දී ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *