ගෑස් බෙදීම අවුලක් කළ විජිත හේරත් ලිට්‍රෝ සභාපති ධූරයෙන් ඉවත් වෙයි

 

මෙරටට ප්‍රමාණවත් තරම් ගෑස් ගෙන්වා ගැනීමට සහ ලැබෙන තොග බෙදා හැරීමට කටයුතු නොකිරීම ගැන චෝදනා එල්ල වී සිටි  ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා ධූරයෙන් ඉවත් වූ බව   අද (10) පස්වරුවේ ප්‍රකාශ කොට ඇත.

මෙරටට පැමිණ තිබු නැවකින් ගෑස් ගොඩබෑමට ඉක්මන් පියවර ගැනීමට කටයුතු නොකිරීම ගැන කෝප් කමිටුව පරීක්ෂා කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අවස්ථාවක පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කොට තිබිණි. එමෙන් ම මෙම සභාපතිගේ හිතුවක්කාර සහ වගකීම් රහිත හැසිරීම ගැන විපක්ෂ මන්ත්‍රී, හිටපු ඇමති චම්පික රණවක මහතා ද මාධ්‍ය සාකච්ඡාවක දී විවේචනය කළේය.

මේ සතියේ මුල මෙරටට පැමිණි ගෑස් නැව් දෙකක ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් නොකිරීම ගැන ද ලිට්‍රෝ සමාගමට චෝදනා එල්ල වී තිබිණි.

ගෑස් ගෙන්වීමට සහ බෙදාහැරීමට රජය සමග සහයෝගයෙන් කටයුතු නොකළ බවට ද මෙම සභාපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

මේ වන විට කොළඹ වරායට පැමිණ තිබෙන ගෑස් මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් නෞකාවට දින දෙකක් ගතවී තිබුණ ද මුදල් ගෙවීමට නොහැකිවීම එම ද ඒ මහතාගේ හිතුවක්කාර හැසිරීමේ ප්‍රතිඵලයක් බව කියති.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ මහතා පසුගිය අප්‍රේල් මස ඉල්ලා අස්වීමෙන් පසුව විජිත හේරත් මහතා අප්‍රේල් මස 21 වැනි දින  සභාපති ධූරයට පත්විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *