මහනුවර මාළිගාව අසලින් ඇති ඒ 26 මාර්ගය විවෘත කරගන්න අපි උසාවි යනවා – වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු, මධ්‍යම පළාත්සභාවේ හිටපු අමාත්‍ය රාජා උස්වැටකෙයියාව.

පසුගිය ආණ්ඩුව යකඩ වැටක් ගහල, දලදා මාළිගාව හිර කඳවුරක් වගේ කෙරුව. මේ ආණ්ඩුවට වහල තිබුණු හැම පාරක්ම විවෘත කරන්න පුලූවන් වුවත්,  මහනුවර ඒ – 26 පාර විවෘත කරන්න තවම බැරිවෙලා තියෙනව.

මහනුවර දළදා වීදිය අසලින් වැටී ඇති ඒ-26 මාර්ගය දිර්ඝ කාලයක් තිස්සේ වසා තැබීමෙන් මහජනයාටත්, පරිසරයටත් වන හානිය පිළිබඳව  වරින් වර මාතෘකා වෙනවා. මේ පාර විවෘත කරන්න කියල විශාල උද්ඝෝෂණයක් පවා සිද්ධ වෙනවා . ඒ පිළිබඳව දැනට උදාවී ඇති තත්ත්වය කුමක් ද? මේ වනවිට විසඳුමක් ලැබී තියනවද?
මේ ඒ 26 මාර්ගය වසා දමනු ලැබුවේ මාලිගාවට ත‍්‍රස්ත‍්‍ර ප‍්‍රහාරය එල්ල වීමට පෙරයි. ඒ පාර වැහුවට ප‍්‍රහාරය වලක්වා ගන්න පුලූවන් වුනේ නෑ. ත‍්‍රස්තවාදීන් ආවේ වෙනත් පැත්තකින්. මේ පාර වැසීමෙන් ‘මාළිගාවට ආරක්‍ෂාවක් ඇති වුනාද?’ කියල ප‍්‍රශ්නයක් පැනනගිනව.
වත්මන් යහපාලන ආණ්ඩුව බලයට ඒමත් සමගම උතුරු නැගෙනහිර මෙන්ම කොළඹ නගරයේ අධිආරක්‍ෂක කලාපවල වසා තිබුණ පාරවල් විවෘත කළා නේද? එහෙත් දළදා මාලිගාව අසලින් වැටී ඇති ඒ-26 මාර්ගය තවමත් විවෘත නොවුනේ ඇයි?
ඔව්, උතුරු නැගෙනහිර, මඩකලපුව, කොළඹ විතරක් නෙමේ රටේ හැමතැනම වසා තිබුණ පාරවල් විවෘත කෙරුව. කොළඹ නගරයේ, කොළඹ කොටුවේ වසා තිබුණ සියලූම පාරවල් විවෘත කෙරුව. එය ඉතා හොඳ දෙයක්. අවාසනාවකට දළදා මාලිගාව අභියස තියෙන පාර විතරයි තාම වහලා තියෙන්නෙ.
එම මාර්ග විවෘත කිරීමට ඉඩ නොදී බලපෑම් ඇති කරන්නේ කවුද? මෙම මාර්ගය අයිති කාටද?
මේ මාර්ගයේ අයිතිය තියෙන්නෙ මාර්ග සංවර්ධන අධිකාරියට. මාර්ගය දෙපස තියන පේව්මන්ට් අයිතිය තියෙන්නේ මහනුවර මහ නගරසභාවට.  දළදා මාලිගාවට මේ පාරේ කිසිම අයිතියක් නෑ. මාළිගාවට අයිතිව තිබුණේ මහමලූව කියන ස්ථානයේ ඉතා කුඩා කොටසක්. මහමලූව කියන ස්ථානය ක‍්‍රීඩා භූමියක් හා සෙනග රැුස්වන ස්ථානයක් හැටියට තමයි පාවිච්චි වුනෙ. හැම ජනාධිපතිවරයෙක්ම, අගමැතිවරයෙක්ම එම තනතුරුවලට පත්වෙලා, පත්තිරිප්පුව උඩට වෙලා, ජාතිය අමතත්දි එය දැක ගැනීමට පැමිණෙන ජනතාව රැුස්වෙන්නෙ මේ මහමලූවට. එය මිනිස්සු නිදහසේ ගැවසුනු තැනක්. මාළිගාවේ ආගමික වතාවත් වලට අමතරව, නුවර පැමිණෙන බැතිමතුන් මේ සුන්දර පරිසරය ආශ්වාදනය කෙරුව. එම ස්ථානය ඉතාම දර්ශනීය තැනක්. එය මේ යකඩ වැටකින් ආවරණය කර තිබීමෙන් මාළිගාව දිස්වෙන්නෙ හිර කඳවුරක් වගේ. විශාල යකඩ වැටක් ගහල මෙතැන අවහිර කරල තියෙනව. එය බෞද්ධ දර්ශනයටත් පටහැනි දෙයක්. බුදු වහන්සේ පරිසරය සුරැුකීම ගැන කතාකරපු. පරිසරය සමග අනුබද්ධ ජීවිතයක් ගත කරපු ශාස්තෘන්වහන්සේ නමක්.
මාර්ග සංවර්ධන අධිකාරියට පාර අයිතියි, නගර සභාවට පේව්මන්ට් අයිතියි, මාළිගාවට මෙහි කිසිම අයිතියක් නැහැ. 1978 දී පමණ ජේ.ආර්.ජයවරධන මැතිතුමා ඔය මහමලූව මාළිගාවට පැවරුව. ඒ අවස්ථාවෙදිත් පාර පැවරුවෙ නෑ. එය මහජන අයිතියට තිබුණ. නමුත් පසුකාලීනව මාළිගාව විසින් පාර ඒකපාර්ශිකව අයිතිකර ගත් බවක් ඇෙ`ගවුවා. පසුගිය ආණ්ඩුව කාලේ ආරක්‍ෂක අමාත්‍යංශයත් මේ පාර අරින්න කියල නියෝගයක් දීල තිබුණ. නමුත් හිටපු ජනාධිපතතුමා මේ පාර විවෘත කරන්න කැමතිවුනේ නෑ. මම වරක් හිටපු ජනාධිපතිතුමාව අරලියගහ මන්දිරයේදී දේශපාලන කටයුත්තකට හමුවූ අවස්ථාවක ඉල්ලා සිටියා මේ පාර විවෘත කරන්න කියල. නමුත් එතුමා කැමති වුනේ නෑ.
මේ පිළිබඳ වත්මන් ජනාධිපතිතුමාගේ ස්ථාවරය කුමක්ද? එතුමා මැතිවරණ වේදිකාවකදී පොරොන්දුවක් දුන්නා නේද මේ මාර්ගය විවෘත කරන බවට.
පසුගිය ජනාධිපතිවරණයේදී, අවසාන රැුලි මාලාවේ, මහනුවර රැුලිය අවසන් වෙලා හෝටලයක සාකච්චාවක් තිබුණ, පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. එයට ආචාර්යවරු, මහාචාර්යවරු, ප‍්‍රාදේශීය දේශපාලඥයන්, නීතිඥයන්, වෛiවරුන්, විද්වතුන්, බුද්ධිමතුන් ඇතුළු විවිධ වෘත්තිකයන්, ව්‍යාපාරික ප‍්‍රජාව ඇතුළු විශාල පිරිසක් එයට සහභාගි වුනා. එවෙලෙ මේ ප‍්‍රශ්නය එතුමාට ඉදිරිපත් කෙරුව. එතුම කිව්ව, ‘මටත් මේ පාර ගැන අත්දැකීම් තියනව. මමත් කීපවතාවක්ම මේ පාරෙ වාහන තදබදයකට හසුවෙලා තියෙනව, එම නිසා මම බලයටපත් වෙලා කරන පළමු කාර්ය කීපයෙන් එකක් තමයි මේ පාර විවෘත කිරීම’ කියල. එතුමා බලයට පත්වෙලා අවුරුදු එක හමාරක් වෙලත් අවාසනාවකට එම පාර විවෘත වෙලා නෑ.
ඒ අනුව බලන විට හැමොටම මේ පාර විවෘත කරන්න  ඕනකම තිබෙනව බව පේනව. මේ පාර මේ විවෘත කිරීමට අකමැති ප‍්‍රධාන පාර්ශ්වය කවුද?
අස්ගිරි මහා විහාරය තමයි මේ පාර විවෘත කරවට අකමැති.
මල්මතු මහා විහාරය අකමැත්තක් දක්වන්නෙ නැද්ද?
නීතිඥ ලාල් විජේනායක, මහනුවර හිටපු නගරාධිපති හරේන්ද්‍ර දුනුවිල හා මමත් ඇතුළු කිහිප දෙනෙක් මේ ප‍්‍රශ්නය ගැන කතා කරන්න මල්වතු මහා විහාරයට ගියා. අපි මහජන නියෝජිතයො හා පුරවැසියො වශයෙන් ගිහින් උන්වහන්සේ හමුවුනාම, උන්වහන්සේ ප‍්‍රකාශ කර හිටිය මේ පාර විවෘත කිරීම පිළිබඳ අකමැත්තක් නැහැ කියල. ඒ පිළිබඳව උන්වහන්සේගේ කැමැත්ත ඒ අවස්ථාවෙදි ප‍්‍රකාශ කෙරුව.
මේ පාර වසා තැබීමෙන් බලපාන ප‍්‍රශ්න මොනවද?
කරුණු රැුසක් තියනව. අවට පාසැල් හය හතක් තියනව. ඒවායේ දරුවන්ට නියමිත වෙලාවට පාසලට පැමිණීමට හැකියාවක් නෑ. අධික වාහන තදබදය නිසා. වාහන තදබදයක් කියන්නෙ, ගත වෙන මිනිත්තුවක් පාසා නිස්කාරනේ ඞීසල් දහනය වීමෙන් රටට විශාල පාඩුවක් වෙන දෙයක්. ඒ විතරක් නෙමේ එම ඞීසල් දහනය වන දුම පරිසරයට එක්වීමෙන් එම ¥ෂිත වාතය ආග‍්‍රහණය කිරීමෙන් ස්වසන රෝග ඇතිවෙනව. දැනටමත් පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැුසකට ස්වසන රෝග ඇතිවෙලා තියෙන බවට පරීක්‍ෂණ වලින් ඔප්පු වෙලා තියෙනව. පරිසරයේ සුව විඳින පිරිස්, ව්‍යායාමය පිණිස ඇවිදින පිරිස් මේ අසල ඉන්නවා එය ඔවුන්ගේ සෞඛ්‍යයට හොඳ නෑ. මේ වනවිට නුවර නගරය වායු ¥ෂණය අතින් ඉතාම නරකම තැන තියන නගරයක්.
ලෝකයේ තියෙන සුන්දර නගර අතරින් එකක් මහනුවර නගරය. අපේ රටට විදේශ විනිමය ගෙනඑන සංචාරකයන් බහුලව එන තැනක්. ඒත් අද සංචාරකයන්ට උපදෙස් දෙන්නේ මහනුවර නගරයේ රැුඳීසිටින්න එපා කියලයි. එය ඉතාමත් අවසනාවන්ත තත්ත්වයක්.
රටේ හැම අසාධාරණයකටම උද්ඝෝෂණ පැවැත්වෙනව. මේ ප‍්‍රශ්නයටත් එවන් උත්ඝෝෂණයකින් විසඳුමක් ලබාගැනීමට උත්සාහයක් ගත්තේ නැද්ද?
පසුගිය කාලෙ එවන් උත්ගෝෂණයක් තිබුණ. එහිදි ලොකු අරගලයක් ඇති වුනා. හෙල උරුමයට සම්බන්ධ ජාතිවාදි කොටස් එම ස්ථානයට ඇවිල්ල උද්ඝෝෂණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට උත්සාහයක් ගත්ත. ඉන් පසුව මම ගිහිල්ල පොලීසියටත්, මහා මර්ග සංවර්ධ අධිකාරියටත්, නගර සභාවටත් පැමිණිල්ලක් කෙරුව, මේ පාර අරින්න කියල. නමුත් අදවනතුරුත් ඒ පිළිබඳව මොනවත් තීරණයක් අරගෙන නෑ.
මේ පිළිබඳව නුවරවාසීන්වන ඔබලාගේ මී ළ`ග ක‍්‍රියාමාර්ගය කුමක්ද?
අපි මේ පිළිබඳව නීතියේ පිහිට පැතීමටයි බලාපොරොත්තු වෙන්නෙ. අපි මේ ගැන නීතිඥ වැලිඅමුණ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග සකච්ඡුා පවත්වමින් ඉන්නව. ළ`ගදීම මේ පිළිබඳව අපි නීතියේ පිහිට ප‍්‍රාර්ථනා කරනව.
මේ පිළිබඳ ජනාධිපතිතුමාගේ ස්ථාවරය.
එතුමා කැමති පාර විවෘත කරනව නම්, නමුත් පාර විවෘත කරන්න කියල නියෝගයක් දෙන්නෙත් නෑ. පාර වහල තියන්න කියල කියන්නෙත් නෑ.
වරක් ජනාධිපතිතුමා කියල තිබුණ, ජනාධිපති නියෝගයකින් මේ පාර විවෘත කරන්න කියල කිව්වොත් එක ආගමික ස්වරූපයක් ගනියි කියල.
ඔව්. මේ ප‍්‍රශ්නය දැන් සෞඛ්‍ය, පරිසරය, ප‍්‍රවාහනය වැනි ජන ජීවිතය පිළිබඳ ප‍්‍රශ්නයකට වඩා ආගමික ප‍්‍රශ්නයක් බවට පත්වෙලා. ඒක වැරදියි. මේක ආගමික ප‍්‍රශ්නයක් නෙමේ. මේක සමාජ ප‍්‍රශ්නයක්. මහනුවර සානුවක් වැනි ස්ථානයක්. කොළඹ නම් එම දහනය වන ඞීසල්, පෙට්ට‍්‍රල් දුම සුළ`ගට ගසා ගෙන යනව. නුවර එහෙම නෙමෙයි. ඒ දුම නගරයේම සැරිසරල, නගරයේම තැන්පත් වෙනව. ඊළ`ගට වැස්සට හේදිලා නුවර වැවේ වතුරට එක්වෙලා වැවටත් ඉතාම හානිකර තත්ත්වයක් ඇති වෙන්න පුලූවන්.
මනෝජ් රූපසිංහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *