|

විරෝධතා හමුවේ විදුලි වර්ජනය නවතී

 

රට පුරා නැගුනු මහජන විරෝධතා හමුවේ විදුලි වර්ජනය නවතා දැමීමට විදුලි ඉංජිනේරු සංගමය තීරණය කොට ඇත.

එම සංගමය කියන්නේ ජනාධිපතිතුමා සමග සාකච්ඡාවකින් පසු වර්ජනය නවතා දැමීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, ජනාධිපතිතුමා වර්ජකයන්ගේ ඉල්ලීම් පිළිබඳව කිසිදු යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත,

මෙම වර්ජනයට එරෙහිව සමාජ මාධ්‍යයේ මෙන් ම ප්‍රධාන මාධ්‍යවල ද විශාල ලෙස විරෝධතා පළ වී ය.

කෙසේ වෙතත්, ප්රෙදේශ ගණනාවක විදුලි විසන්දිවීම් වාර්තා වෙයි. ඒවා පැය කිහිපයක් තුළ යථා තත්ත්වයට පත් කරන බව විදුලි බල මණ්ඩලය කියයි.

යෝජිත විදුලිබල සංශෝධන පනත අද දිනයේ පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නියමිත ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *