හිටපු ඇමති ගම්මන්පිලගේ නිවසේ සුර්ය කෝෂ සම්බන්ධ කරන්න මාස හයක් පමා කරලා !- ලංවිම බොරු දේශප්‍රේමීන්ගේ කෙරුවාව එලියට

ලංවීමට ලාභ කරන්නට කියා කෑගසන ඉංජිනේරු මාෆියාව හිටපු ඇමති ගම්මන්පිල මහතාගේ නිවසේ වහලයේ සවිකළ සුර්ය කෝෂ විදුලිය සඳහා සම්බන්ධතාවය දීම මාස හයක් තිස්සේ ප්‍රමාද කළ බව හෙළිදරව් වෙයි.

මේ බව අද පාර්ලිමේන්තුවේ දී හෙළි කළේ ඇමති කාංචන විජේසේකර මහතා ය.

මොවුන් රට අඳුරේ තබන්නට තර්ජනය කරන ත්‍රස්තවාදී කණ්ඩායමක් බව ද එතුමා පැවැසීය.

පසුගිය වසරේ අග භාගයේ දිවයින පුරා විදුලි බිඳ වැට්ටවීම ද මෙම මාෆියාවේ කුමන්ත්‍රණයක් බව ද ඇමතිතුමා කී ය.

ඒකකයට රුපියල් 16.50 සහ 22.00 වැනි ගෙවීමකට පුනර්ජනනීය විදුලිය ගැනීමේ ව්‍යාපෘති ප්‍රතික්ෂේප කර මොවුන් ඩීසල් බලාගාරවලින් විදුලිය මිල දී ගන්නේ රුපිය 100 , 180 වැනි මිල ගණන් යටතේ බව ද ඇමතිවරයා සංඛ්‍යා ලේඛන සහිතව පෙන්වා දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *