“මිස්ටර් ක්ලීන්” රනිල්ට “මිස්ටර් ඩර්ටි” සමග ඉඳගන්න පුළුවන් ද ? – සජබ මන්ත්‍රී තුසාර ඉඳුනිල් අසයි

දේශපාලනයේ දී “මිස්ටර් ක්ලීන්” ලෙස හඳුන්වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට උසාවියෙන් වරදකරුවකු කළ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක “මිස්ටර් ඩර්ටි ” සමග එකට ඉඳගත හැකිදැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.

එතුමා මහා උසාවියෙන් වරදකරු කළහොත් ඉඳගන්නේ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එයට පිළිතුරු දෙමින් පැවසීය.

“එතුමාට විරුද්ධව මහාධිකරණයෙන් තීන්දුවක් ලබා දී තිබෙනවා.අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට දෙවරක් යන්නට එතුමාට අයිතියක් තිබෙනවා.ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  වැරදිකාරයා යයි  කිව හොත් එවිට එතුමා සමග මා ඉඳගන්නේ නැහැ.ඒ වගේම එහෙම වුනොත් එතුමාට මෙතන වාඩිවෙන්නත්  බැහැ.නමුත් එවැනි තීන්දුවක් ලැබෙන තුරු මා මෙතන ඉන්නවා.ඔය ගොල්ලො කීප දෙනෙකුටත් නඩු දමා වැරදිකාරයා කරන තුරු මහ උසාවි යනකං අප හිටියා”.යනුවෙන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *