අගමැතිගෙන් සැර ප්‍රකාශයක්

 

පාරේ යන්න ,බෝඩ් අල්ලන්න. ඒක ප්‍රශ්නයක් නැහැ.ඒත් රට අඳුරේ තබන්න එපා යැයි වෘත්තීය සංගම් වලට අවවාද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.

රට අඳුරේ තැබුවොත් ඉන්දියාවෙන් තෙල් ඉල්ලන්නැයි තමාට පවසන්න එපා යැයි කී අග්‍රාමාත්‍යවරයා අපට ප්‍රශ්න විසඳා ගැනීමට හදිසියක් නැත්නම් ⁣වෙනත් රටවල් උදව් කරාවි දැයි ප්‍රශ්න කළේය.

රට අඳුරේ තැබුවොත් ඉන්දියාව තෙල් දේවි යැයි වගකියන්නට නොහැකි බව කී රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට තෙල් දෙනවාට ඉන්දියාවේ සමහර අය විරුද්ධ බවද පැවසීය.

හැම වෙලාවේම ජාත්‍යන්තර රටවල් කියන්නේ ‘තමුන්නාන්සේලා තමුන්නාන්සේලාට උදව් කරගන්න.ඊට පසුව අප උදව් කරන්නම්”යනුවෙන් බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාදීප

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *