විදුලි මාෆියාව රට අඳුරේ තබන්න හදයි

අද රෑ 12.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.

ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති නව විදුලි බල පනතට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය සිදු කරයි.

තරඟකාරී ටෙන්ඩර් ක්‍රමය යන ව්‍යාජයක් ඉදිරියට දමාගෙන පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට දිගු කලක් තිස්සේ අකුල් හෙලීමට ලංවිම විදුලි මාෆියාව ක්‍රියා කිරීම නිසා එම තත්ත්වය වෙනස් කිරීමට නව සංශෝධනය සකස් කරන ලද්දේ මීට පෙර සිටි විදුලි බල ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ දායකත්වයෙනි.

2009 දී විදිලිබල පනත සකස් කිරීමේ දී වෘත්තීය සමිතිවල වුවමනාවට ඇතුළත් කළ ඇතැම් කොන්දේසි නිසා එදා සිට මේ දක්ව කිසිදු නව බලාගාරයක් ඉදි කිරීමට හැකි වී නැත.

මෙම නීති තත්ත්වය උපයෝගී කර ගනිමින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 300 කට වැඩි සංඛ්‍යාවකට අනුමැතිය දීම 2015 සිට ලංවිම විදුලි මාෆියාව විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

ඇතැම් ව්‍යාපෘති සඳහා තරඟකාරී මිල කැඳවීම් කොට ඒවායින් බොහොමයක් අතරමග කඩා කප්පල් කිරීමක් ද සිදු කොට  තිබේ.

කලින් අනුමත කොට දිගට ම විදුලිය සැපයු පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ට පසුගිය අගෝස්තු මාසයේ සිට ලංවිමය මුදල් ගෙවා නැත. එම මුදලේ එකතුව රුපියල් කොටි 26 කි.

නිවාස වහළවල සුර්ය බලශක්ති ව්‍යාපෘති අනුමත කිරීම ද විවිධ හේතු පෙන්වා ප්‍රමාද කරන බවට ද චෝදනා එල්ල වී තිබේ.

එම ප්‍රශ්න නිවැරදි කිරීමට කිසිදු පියවරක් නොගත් ලංවිම වෘත්තීය සමිති එම ප්‍රශ්න නිරවුල් කිරීමේ උත්සාහයට එරෙහිව රට අඳුරේ තැබීමට සුදානම් වී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *