ලිට්‍රෝ ගෑස් තවත් නැවක් එයි ; ටොන් 3900 ක් ; බෙදීම ගැන කතාවක් නැහැ

ගෑස් මෙට්‍රික් ටොන් 3900 ක් රැගත් තවත් නැවක් අද උදේ මෙරටට ළඟා වී ඇත. එයින් ලිට්රෝ සමාගමට ලැබෙන ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3900 කි.

පසුගිය සති අන්තයේ ද ගෑස් නැව් දෙකක්  මෙරටට ලැබී ඇති අතර එයින් ලැබී ඇති ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4500 කි.

එසේ වුව ද ලිට්රෝ සමාගම ගෑස් බෙදාහැරීම ප්‍රමාද කරමින් සිටින්නේ ජනතාව දුක් විඳිමින් පෝලිම් වල ගත කරද්දී ය.

ගෑස් සම්බන්ධයෙන් මීට පෙර තිබුණු ප්‍රශ්නය නම් මිල දී ගැනීමට ඩොලර් නොතිබීමයි. දැන් ආණ්ඩුව එම ප්‍රශ්නය විසඳා ඇතත්, ලැබෙන ගෑස් බෙදා නොහැරීමේ ප්‍රශ්නයක් පැන නැගී තිබේ.

ලිට්‍රෝ සමාගමේ සභාපතිව සිටින්නේ රක්ෂණ සංස්ථාවේ ද සභාපති විජිත හේරත් ය.

ඔහු තනතුරට පත්ව ඇත්තේ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ අනුග්‍රහයෙන් බව කියති.

එකල දුන් තනතුරු තවමත් වෙනස් කොට නැත.

එම තනතුරු වෙනස් නොකරන ලෙස ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා නියෝගයක් නිකුත්කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *