විදුලිබල අර්බුදය විදුලි මාෆියාවේ වැඩක් !

 

පසුගිය දිනවල උග්‍ර තත්ත්වයට පත් වූ විදුලිබල අර්බුදය පසුගිය ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසවල විදුලි බිඳ වැට්ටවීමේ කඩාකප්පල් කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් බව පෙනී යන්නේ යයි විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එම විදුලි බිඳවැටීම් පිලිබඳ විශේෂඥ පරීක්ෂණ වාර්තාව සභා ගත කරමින් ඇමතිවරයා කීවේ මෙම විදුලි බිඳවැටීම් කඩාකප්පල් කාරී ක්‍රියා නොවේ යයි කීමට සාක්ෂි නැති බවත්, පරීක්ෂණයට අවශ්‍ය සියලු තොරතුරු විදුලිබල මණ්ඩලයේ අදාළ අංශ විසින් ලබා නොදුන් බවත්, වාර්තාවේ සඳහන් බවයි. මේ පිලිබඳ ඉදිරි පරීක්ෂණ රහස් පොලීසියට භාර දීමට ද ඇමතිවරයා යෝජනා කළේය.

එලෙස කළ විදුලි බිඳ වැට්ටවීම නිසා නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරය මාසයක් පමණ අක්‍රිය වීමෙන් විදුලි නිෂ්පාදනයට වැඩිපුර ජලය යොදා ගැනීමෙන් ජලාශ හිස් වූ බවත්, දිගු කාලයක් විදුලි කැපීමට එය හේතුවක් වූ බවත්, ඇමතිවරයා කී ය.

ගෝටා ගෝ ගම වැනි විරෝධතා කළ යුත්තේ විදුලි බල මණ්ඩලය ඉදිරියේ බව ද ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *