චම්පික නිළ වශයෙන් ස්වාධින වන බව කියයි

 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති පාටලී චම්පික රණවක මහතා පක්ෂයෙන් ඉවත්ව ස්වාධින වන බව නිළ වශයෙන් ප්‍රකාශ කිරීමට සුදානම් බව වාර්තා වෙයි.

පසුගිය කාලයේ ද ඒ මහතා තම දේශපාලන ගමන ස්වාධීනව ආරම්භ කොට තිබුණේ 43 සේනාංකය බිහිකිරීම මගිනි.

මේ වනවිට 43 සේනාංකය සහ සමගි ජන බලවේගය අතර පැහැදිලි දේශපාලන බෙදීමක් වර්ධනය වී ඇත. සජබ නායකයින් අමු සොහොනක රජ වෙන්න හදන බව 43 සේනාංකය පසුගිය දා ප්‍රකාශ කළේය.

රණවක මහතා ස්වාධීනව සිටිමින්, ඇමැති ධුර භාර නොගෙන, රජයට සහය දීමට තීරණය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *