නැව් දෙකක් ආවත් ලිට්‍රෝ ගෑස් බෙදන්නේ නැහැ !

ගෑස් මෙට්‍රික් ටොන් 4500 ක් රැගත් නැව් දෙකක් පසුගිය සති අන්තයේ මෙරටට ළඟා වුවද ගෑස් සිලින්ඩර් සුළු ප්‍රමාණයක් අද බස්නාහිර පළාතට බෙදීමෙන් පසු ලිට්‍රෝ සමාගම ගෑස් බෙදාහැරීම නවතා දමා ඇත.

හෙට සිට ගෑස් බෙදාහැරීම සිදු නොකරන බව ලිට්‍රෝ සමගම අද නිවේදනය කළේය.

සෙනසුරාදා මෙරටට පැමිණි නැවෙන් ගෑස් ටොන් 2500 ක් ලැබුණු අතර එමගින් සිලින්ඩර් ලක්ෂ දෙකක් වෙළෙඳපොළට නිකුත් කිරීමේ හැකියාව ඇත.

ඉරිදා පැමිණි නැවෙන් ගස් ටොන් 2000 ක් ලැබිණි. එය සිලින්ඩර් 160,000 කට ප්‍රමාණවත් ය.

මෙම තොගයෙන් ලිට්‍රෝ සමාගම වෙළෙඳ පොළට අද නිකුත් කළේ ගෑස් සිලින්ඩර් 30,000 කටත් අඩු සංඛ්‍යාවකි.

තවත් සිලින්ඩර් 330,000 ක් නිකුත් කිරීමේ හැකියාව තිබිය දී ලිට්රෝ සමාගම ගෑස් බෙදාහැරීම නවතා දමා ඇත්තේ ගෑස් මිල දී ගැනීමට මහජනයා දින, සති ගණන් පෝලිම්වල දුක් විඳිමින් සිටිය දී ය.

ලිට්‍රෝ සමාගම කියන්නේ තමන් ගෑස් නොබෙදන නිසා ජනතාව පෝලිම්වල නොසිටිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *