තවත් තෙල් නැව් දෙකක් මේ සතියේ එයි ; සංචිත හෙට සිට වෙළෙඳපොළට

ඉන්දියානු ණය ක්‍රමය යටතේ ලබන 16 දා ලැබීමට නියමිත තෙල් නැවට අමතරව තවත් තෙල් නැව් දෙකක් ලබාගැනීමට රජය කටයුතු කොට ඇති අතර එම නැව් දෙක ලබන 10 සහ 11 දිනවල දී මෙරටට ලඟාවීමට නියමිත බව විදුලිබල සහ බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එම තත්ත්වය නිසා ඉන්ධන සංචිත වෙළෙඳපොළට නිකුත් කිරීම හෙට ( 8 දා ) සිට වැඩි කරන බව ද ඒ මහතා පැවසීය. ඉන්ධන ලබාගැනීමේ තත්ත්වය අවිනිශ්චිත වූ නිසා සංචිතවලින් ඉන්ධන නිකුත් කිරීම පසුගිය දිනවල දැඩි ලෙස සීමා කොට තිබිණි.

මෙම තෙල් නැව් මිල දී ගැනීම සඳහා මුදල් නිකුත් කිරීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවට ඩොලර් ලැබීමේ තත්ත්වය මදක් යහපත් වී ඇති නිසා මෙම හැකියාව ලැබී ඇතැයි කියති.

තෙල් මිල දී ගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 500 ක් ලබාදීමට ඉන්දියාව එකඟ වී ඇති බව ද බලශක්ති ඇමතිවරයා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *