සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපි කැමතියි – සජබ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල

 

සියලු පක්ෂ සමග සාකච්ඡා කොට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින බවත්, එබඳු ආණ්ඩුවකට තම පක්ෂය කැමති බවත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඇමති ධුර ලබාදීම පක්ෂවල කැමැත්ත මත සිදුකරන ලෙසත්, පක්ෂවල කැමැත්ත නැතිව ඇමැති ධුර සඳහා මන්ත්‍රීවරුන් ගැනීමෙන් වලකින ලෙසත්, ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ඒ මහතා කීවේ එලෙස හදන සර්ව පාක්ෂික ආණ්ඩුවකට තම පක්ෂය කැමති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *