විසිඑක ගැන තීරණයක් ගැනීම ලබන සතියට කල් දමයි

 

ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ලබන සතිය දක්වා කල් දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත. මුල් කෙටුම්පතට විවිධ පක්ෂවලින් ඉදිරිපත් කළ සංශෝධන අධ්‍යයනය කිරීම සඳහා මෙම පියවර ගත බව කියති.

අදාළ යෝජනාව අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා කටයුතු ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඊයේ(06) රාත්‍රියේ ඉදිරිපත් කරනු ලැබීය.

පක්ෂ නායකයින් සමග පැවති සාකච්ඡාවලදී ඉදිරිපත් වූ සංශෝධන සහිතව ඇමතිවරයා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබිණි. එම වෙනස්කම් පිළිබඳව අධ්‍යයනයට කාලය අවශ්‍ය බව ඇතැම් ඇමතිවරුන් ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *