21 නවත්තන්න බැසිල්, පවිත්‍රා , රෝහිත ඇතුළු පොහොට්ටුවේ 12 ක් අගමැති හමුවෙයි

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය මේ අවස්ථාවේ ගෙන ඒමෙන් වලකින ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඉල්ලීමක් කර ඇත.

කොළඹ මල් පාරේ අගමැති කාර්යාලයේ දී පැවති මෙම හමුවට හිටපු ඇමතිවරුන් වන බැසිල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, විමලවීර දිසානායක ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දොළොස් දෙනෙක් සහභාගී වුහ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා රජය වෙනුවෙන් සහභාගී වී සිටියහ.

මේ වෙලාවේ කළ යුත්තේ ආර්ථික ප්‍රශ්නවලට විසදුම් දීම මිස ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම නොවන බව පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම අගමැතිතුමාට ප්‍රකාශ කොට ඇත.

එයට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත්තේ ආර්ථික අර්බුදය විසදීමට දේශපාලන ස්ථාවරභාවය අවශ්‍ය බව සහ ඒ සඳහා 21 වැනි සංශෝධනය සම්මත කොට ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *