දේශපාලන ප්‍රතිසංස්කරණ පළිබඳ වගකීම හිටපු කතානායක කරුට භාරදුන්නා – රනිල්

දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන තමන් ඉදිරිපත් කළ යෝජනා සහ වෙනත් යෝජනා සලකා බලා ඉදිරි සැලසුම් සැකසීමේ වගකීම හිටපු කතානායක කරු ජයසුරිය මහතාට භාර දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

එම ප්‍රශ්න සම්බන්ධයෙන් තමා සමග සාකච්ඡා කිරීමට අකමැති අයෙක් වේ නම් හිටපු කතානායක තුමා සහ ඔහුගේ කණ්ඩායම සමග සාකච්ඡා කළ හැකි බව ද ඒ මහතා කියයි. ඒ අනුව ගෝටා ගෝ ගම අරගලකරුවන්ට ද තම යෝජනා ඉදිරිපත් කළ හැකිය.

ඉන්දියාවේ එන් ඩී ටී වී රුපවාහිනිය සමග පැවති  සම්මුක සාකච්ඡාවේ දී අගමැති තුමා මේ බව ප්‍රකාශ කොට තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු කතානායක කරු ජයසුරිය මහතා හමු වී දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා උදව් ඉල්ලු බවට වාර්තා පළ වී තිබුණ ද, එම වාර්තා නිළ වශයෙන් තහවුරු වුයේ අගමැතිතුමාගේ මෙම ප්‍රකාශයෙනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *