2008 විදුලිබල පනත අනුව විදුලි බලාගාර හදන්න රජයට බැහැ ; මේ නීති එදා තිබුණා නම් මහවැලියත් නැහැ – අගමැති රනිල් වික්‍රමසිංහ

2008 දී හඳුන්වා දී ඇති විදුලිබල පනතේ විධිවිධාන අනුව අලුතින් විදුලි බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට ආණ්ඩුවට නොහැකි බවත්, එම කාලයේ මෙම නීති තිබුණා නම් මහවැලි ව්‍යාපාරය ද ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

1970 – 80 කාලයේ මෙම නීතිය තිබුණා නම් කොත්මලේ, රන්දෙනිගල, වික්ටෝරියා, රන්ටැඹේ, සමනල වැව, උලුවිටිය වැනි කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බව ඒ මහතා කීය.

2008 න් පසු මේ දක්වා මෙරටෙහි කිසිදු විදුලි බලාගාරයක් ඉදි වී නැති බව ද අගමැතිතුමා පෙන්වා දුන්නේ ය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ ආයතනවල අවශ්‍යතා අනුව එවකට විදුලිබල අමාත්‍යංශය මෙම පනත සකස් කොට තිබීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

කොළඹ ශ්‍රී  ලංකා පදනම් ආයතනයේ දී පෙරේදා පැවති වෘත්තීයවේදීන්ගේ සමුළුවකට සහභාගී වෙමින් අගමැතිතුමා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *