හෙට කැබිනට් දාන 21 හදන්න ජනපති අද අගමැති , ඇමැති හමුවෙයි

හෙට කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කරන 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙටුම්පත පිළිබඳව ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා අද අගමැති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහත්වරුන් කැඳවා සාකච්ඡා කළ බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

21 වැනි සංශෝධනය පිළිබඳව පක්ෂ අතර ඇතිකරගත් සම්මුති කෙටුම්පතට ඇතුලත් කරන ආකාරය පිළිබඳව අද දහවල් පැවති එම හමුවේ දී සාකච්ඡා කළ බව දැනගන්නට ඇත.

ඉන් අනතුරුව නීතිපතිවරයා සහ අධිකරණ ඇමතිවරයා අතර සාකච්ඡාවක් ද පැවති බව ද දැනගන්නට ඇත.

මෙම සංශෝධනය ගැන සිකුරාදා පැවති පක්ෂ නායක හමුවේ දී එකඟතා ගණනාවක් ඇති කරගෙන තිබේ. ඒවා කුමන ආකාරයෙන් කෙටුම්පතට ඇතුලත් කරන්නේ ද යන්න අද තව දුරටත් සාකච්ඡා වී තිබේ.

විජේදාස රාජපක්ෂ ඇමතිවරයා විසින් 21 වැනි සංශෝධනයේ අවසන් කෙටුම්පත කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා හෙට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *