දුමින්ද සිල්වා රෝහලේ දී ම සිරගත කරයි

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ දී ම බන්ධනාගාර නිලධාරීන් වෙත භාර දී ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපති සමාව යටතේ නිදහස් වී සිටි දුමින්ද සිල්වා මහතාගේ සමාව අවලංගු කළ අධිකරණය ඔහු අත් අඩංගුවට ගෙන බන්ධනාගාරයට භාරදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඒ අතර දුමින්ද සිල්වා මහතා රෝහල් ගත වී ය.

රෝහලේ දී ම ඔහු අත් අඩංගුවට ගත් රහස් පොලීසිය එහි දී ම ඔහු බන්ධනාගාර නිලධාරීන් වෙත භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *