ජනාධිපති සමාව අහිමි වූ දුමින්ද සිල්වා වහාම ලෙඩ වී රෝහලේ

අධිකරණ තීන්දුවකින් සිරගතව සිටිය දී ලබාදුන් ජනාධිපති සමාව අවලංගු කරමින් වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර ඇති බව වාර්තා වේ.

දුමින්ද සිල්වා මහතා එම රෝහලේ 17 වැනි වාට්ටුවට ඇතුළත්කර ඇති බව වැඩි දුරටත් දැනගන්නට තිබේ.

හිටපු අමාත්‍ය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් දඩුවම් ලබා සිරගතව සිටි දුමින්ද සිල්වා මහතාට පසුගිය ජුනි මාසයේ ජනාධිපති සමාව ලබා දී තිබිණි.

ශ්‍රේෂ්ටාධිකරණයට ලැබුණු පෙත්සමක් විභාගයට ගනිමින් ජනාධිපති සමාව අහෝසි කළ අධිකරණය ඔහු අත් අඩංගුවට ගන්න ලෙස නියෝග කළේය.

දුමින්ද සිල්වා මහතා වහාම අසනීප වී රෝහල් ගත කොට ඇත්තේ එම තීන්දුවත් සමග ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *