සෝභිත හිමියෝ නැවතත් හඬ අවදි කරති

ආගමික සමුළුවකට සහභාගිවීම සඳහා විදේශගතව සිට පෙරළා දිවයිනට වැඩම කළ මාදොළුවාවේ සෝභිත හිමියෝ ජනවාරි 8 ජයග්‍රහණය ඉදිරියට ගෙන සඳහා තම හඬ අවධි කිරීමට සූදානම් බව යුක්තියට වාර්තා වේ. සෝභිත හිමියන් විදේශගත වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමට එකඟ වූ බවට වාර්තා පලවීමත් සමඟ ඇති වූ දැඩි කළකිරීමත් සමඟ ය. ජනවාරි 8 වෙනිදායින් පසු තම සංවිධානය සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කළ අරමුණු පිළිබඳව තවදුරටත් කථා නොකරන බව ද කළකිරීමට පත්ව සිටි උන්වහන්සේ පැවසූ හ. තව දුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මාධ්‍යවේදින්ගෙන් ඉල්ලා සිටියේ තමාගෙන් ඒ පිළිබඳව කිසිවක් නොවිමසන ලෙස ය. පුරවැසි සංවිධාන නායකයින් උන්වහන්සේ බැහැදැකීමට පන්සලට ගිය අවස්ථාවේ ජනාධිපතිතුමාගේ අන්දෝලනාත්මක කථාව පිළිබඳව සෝභිත හිමියන්ව දැනුවත් කර, නැවතත් සටන ඉදිරියට ගෙනයෑමට නායකත්වය දෙන ලෙස ඉල්ලා තිබේ. යුක්තියට වාර්තා වන අන්දමට සෝභිත හිමියන් එයට නොකැමැත්තක් ප්‍රකාශකර නැත.
පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම සඳහා එයට එක් වූ දේශපාලන පක්ෂ සමඟ සිවිල් සංවිධාන 42 ක් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබුණි. එහි නායකත්වය ගැනුනේ සෝභිත හිමියන් විසිනි. එම ගිවිසුමේ කරුණු පදනම්කර ගෙන සකස් කළ තවත් ගිවිසුමක් මේ මැතිවරණයේ දී ද එම සිවිල් හා පුරවැසි සංවිධාන 42 අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත ය. මේ අවබෝධතා ගිවිසුම ද සෝභිත හිමියන් ගේ නායකත්වයෙන් ඇති කරගැනීමට සිවිල් හා පුරවැසි සංවිධාන නායකයෝ අපේක්ෂා කරති. ලැබෙන ආරංචි මාර්ගවලට අනුව සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් එම ගිවිසුම ද ඉදිරි දින කිහිපය තුළ අත්සන් කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *