සාම්පුර් බලාගාරය එල් එන් ජී කරන්න ගියොත් ප්‍රමාදය වසර අටක් ; විදුලි කැපීමක් සමග රටට ඩොලර් බිලියන 5ක ,6ක , පාඩුවක් – විදුලි ඉංජිනේරු හා තාක්‍ෂණික උපදේශක ආචාර්ය තිලක් සියඹලාපිටිය.

timthumb.php-minකාලෙන් කාලෙට රටේ විදුලි කප්පාදුවක් ඇති වෙන්නේ ඇයි. විදුලිබල මණ්ඩලයේ (ආණ්ඩුවෙ) වගකීමක් නේද රටේ ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීම?

අපිත් වාහන භාවිතා කරනවා. අනෙක් අයත් භාවිතා කරනවා. එතකොට පාරේ වාහන වැඩිවෙලා ට‍්‍රැපික් වැඩිවෙනවා. ඒ වගේ තමයි, අපිත් විදුලිය භාවිතා කරනවා. අනෙක් අයත් විදුලිය භාවිතා කරනවා. එතකොට රටේ විදුලි භාවිතය වැඩි වෙනවා. සැපයුම අඩුවුනොත් විදුලි කප්පාදුවක් ඇතිවෙනව.

රටේ විදුලි ඉල්ලූම සීඝ‍්‍රයෙන් වැඩි වෙනවද?

ඉල්ලූම වැඩිවෙන වේගය කාලයෙන් කාලයට වෙනස් වෙනව. ගිය අවුරුද්දෙ 2015 ඉල්ලූම වැඩිවුනේ 6.5% කින්, 2014 – 4%, 2013 – 1% මේ අවුරුද්දෙ පළවෙනි මාස 5 ඇතුළත 11.1/2 කින් විදුලිය ඉල්ලූම වැඩිවෙලා තියෙනව. එය විශාල ඉල්ලූම වැඩිවීමක්. එය තමයි මෙය පසුබිමේ තියෙන තත්ත්වය.

මේ වැඩිවෙන ඉල්ලූමට සැපයුම කරන්නේ කොහොමද?

සැපයුම වැඩිදියුණු කර පවත්වාගෙන යාමට, විදුලි බල පනත අනුව අවශ්‍ය සැලසුම් හදන ආයතන නීතියෙන්ම පත්කරල තියෙනව.  විදුලි බල මණ්ඩලයට තමයි විදුලිය සැපයුම පිළිබඳ වගකීම පවරල තියෙන්නෙ. අවශ්‍යකරන ජනනය පිළිබඳ සැලසුම් හා සම්පේ‍්‍රෂණය පිළිබඳ සැලසුම් ඔවුන් ඉදිරිපත් කළ යුතුයි.

ජනන සැලසුම අවුරුදු 20ක් ඉදිරියට තිබිය යුතුයි. සම්ප්‍රෙක්‍ෂණ සැලසුම අවුරුදු 10ක් ඉදිරියට තිබිය යුතුයි. බෙදාහැරීමේ පද්දති සැලසුම අවුරුදු 10ක් ඉදිරියට තිබිය යුතුයි. ඒ සැලසුම් අවුරුදු 2කට සැරයක් අලූත් කළ යුතුයි. ඒවාට අනුමැතිය දීම හා ඒ පිළිබඳ අධීක්‍ෂණය මහජන උපයෝගිතා කොමිසම විසින් කළ යුතුයි. ඒ කොමිසම වෙනම පනතකින් පිහිටුවල තියෙන එකක්. ඒ කොමිසමේ වගකීම තමයි විදුලි බල පනත අනුව ඒ අයට පැවරිලා තියෙන වගකීම ඉටු කිරීම. අනාගතයේදී ජල සැපයුම පිළිබඳව ද පනතක් එන්න නියමිතයි. එවිට ඒ වගකීම ඒ අය දැරිය යුතුයි. ඒ වගේම පෙට්ට්‍රෝලියම් පිළිබඳ වගකීමත් ඒ අයට පැවරීමට නියමිතයි. ආයතන රජය සතුවුවත්, පුද්ගලික අංශ්‍ය සතු වුවත් පනතේ විධිවිධාන අනුව ඒ අය කටයුතු කළ යුතුයි.
විදුලි බල මණ්ඩලය අවුරුදු 2 කට සැරයක් දිගු කාලීන සැලැස්ම කොමිෂමට ඉදිරිපත් කළේ නැත්නම්, විදුලි බල මණ්ඩලයට කරුණු දක්වල වහාම සැලසුම එවන්න කියල කියන්න අවශ්‍යයි. ඊට පස්සෙ ඒ සැලසුමේ දෝෂ තියනව නම් මහජන අදහස් සඳහා විවෘත කළ යුතුයි.

එම වාර්තාව ඉදිරිපත් කළ යුත්තේ අදාල අමාත්‍යවරයාටද?

නෑ. අමාත්‍යවරයාට නෙමෙයි. කොමිසමටයි කරුණු ඉදිරිපත් කළ යුත්තේ. මෙයින් කෙරෙන්නේ එදිනෙදා කටයුතුවලින් දේශපාලඥයාව ඉවත් කිරීමයි. එවිට දේශපාලඥයගෙ වගකීම ඇත්තේ ප‍්‍රතිපත්ති සම්පාදනය හා නීති සම්පාදනයටයි. එතකොට දේශපාලඥයන්ට රටේ සංවර්ධන වැඩ වලට අනවශ්‍ය බලපෑම් කරන්න සිද්ධ වෙන්නෙ නෑ. ‘‘බලාගාරය ඔතන හදන්න එපා. මෙතන හදන්න. මගෙ හිතවතෙකුට කොන්ත‍්‍රාත්එක දෙන්න’’ කියල කියන්න දේශපාලඥයන්ට අයිතියක් නෑ විදුලි බල පනත අනුව. ඒ පනත 2009 සිට ක‍්‍රියාත්මකයි. නමුත් මේ පනතේ විධිවිධාන හරියට ක‍්‍රියාත්මක වෙන්නෙ නෑ. අවුරුදු දෙකෙන් දෙකට සැලසුම් හදන එක ක‍්‍රියාත්මක වෙනව. විදුලි බල මණ්ඩලයේ වෙබ් සයිට් එකට ගියොත් මේ සැලසුම් ඒකෙ තියෙනව. විදුලි බල මණ්ඩලය පවතින අඩුපාඩු හා දෝෂ එහි දක්වල තියෙනව. දේශපාලඥයන්ට අයිතියක් තියනව මහජන උපයෝගිතා කොමිසමට අඩුපාඩු කියන්න, ‘විදුලි බල මණ්ඩලයේ ක‍්‍රියාමාර්ග හරි නෑ’ කියල කියන්න සාමාන්‍ය පාරිභෝගිකයාටත් ඒ අයිතිය තියෙනව. දේශපාලඥයන් සියලූ දෙනාටම සමූහයක් වශයෙන් එකතුවෙලා බලපෑමක් කරන්න වුණත් පුලූවන්.

ඉතින් දේශපාලඥයන් ඒ අයුරින් ජනතාව වෙනුවෙන් ඒ වගකීම ඉටු කරනවද?

දැනට තියන ප‍්‍රශ්නය තමයි ඒ ක‍්‍රමවේදයට නැතුව, පිටින් එක එක බලපෑම් කිරීම. එහි ආසන්නම තත්ත්වය ගැන කියනව නම් අවුරුදු 10ක සිට විදුලි බල මණ්ඩලය සාම්පූර්වල විදුලි බලාගාරයක් හදන්න සැලසුම් හැදුව. ඒ කාලෙ හිටිය රජය පළමුවතාවට ඒකට මැදිහත් වුනා. ඔවුන් විදුලිබල මණ්ඩලයට කිව්වා මෙය ඉන්දියන් රජය සමග එකතුවෙලා කළ යුතුයි කියල. ඒ අනුව ඉන්දියානු විදුලිබල මණ්ඩලයයි, අපේ විදුලිබල මණ්ඩලයයි එකතුවෙලා ඒකාබද්ධ සමාගමක් පිහිටෙව්වා. පිහිටුවලා ඒ සමාගමේ නමින් ටෙන්ඩර් කැඳවන්න ඔන්න මෙන්න තියෙද්දි ජනාධිපතිතුමා ඉන්දියන් අගමැතිතුමා හමුවුනා. ඒ ගමනෙ අරමුණ වුනේ විදුලිබලාගාරය ගැන කතා කිරීම නෙමෙයි. වෙන කරුණක්. ඒත් ජනාධිපතිතුමා ඉල්ලූවා ‘‘මේ බලාගාරය ගෑස් වලින් කරන විදිහට අපිට කරල දෙන්න කියල.’’ ඉන්දියන් අගමැති කිවුවා අපි සලකා බලන්නම් කියල. අපේ පුවත්පත් වල ගියේ ‘‘ඉන්දියන් අගමැති අපේ ජනාධිපතිතුමාගේ යෝජනාවට එක`ගවෙයි’’ කියල.  නිලධාරීන්ගෙන් අහන්නෙ නැතුව ඉන්දියන් දේශපාලඥය කට හොල්ලන්නෙ නෑ. විශේෂයෙන්ම අන්තර්ජාතික හා තාක්‍ෂණික කටයුතු ගැන.

ගල් අ`ගුරු බලාගාරයක් ඉදිකරන්න හැදු සැලසුම එක්වරම ගෑස් බලාගාරයක් බවට පත්කරන්න හැකිවෙයිද?

මේ බලාගාරයට ටෙන්ඩර් කැඳවීමට සූදානම්වයි තියෙන්නෙ. පරිසර අනුමැතිය අරගෙන තියනව. ඩොලර් මිනියන 500ක විදුලි බලාගාරයක් අක්කර 200ක ප‍්‍රමාණයක හදන්න අනුමැතිය ගන්න කොච්චර කාලයක් යනවද?  සාමාන්‍යයෙන් පර්චර්ස් 10ක ඉඩමක ගෙයක් හදන්න ප‍්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ගන්නත් මාස 6ක්වත් යනව. පරිසර අනුමැතියට විතරක් අවුරුදු 2ක් යනව. සැලසුම් කරන්න කොපමණ කාලයක් යනවද?

පරිසර වාර්තාවක් දෙන්න කලින් ඊට අදාල කොමිටි කිහිපයක් පත් කරනව. පරිසරයේ ගස් ගණන බලනව, කුරුල්ලො ගණන බලනව, ජලාශ තියනව නම් ඉන්න මත්ස්‍යයන්ට හානි වෙනවද බලනවා, පොළොව හරලා පස ගැන බලනව. පරිසර හානියක් නොවෙන්න නම්, මේ මේ දේවල් කෙරෙන්න  ඕනැ කියල යෝජනා කරනව. විදුලි බලාගාරයෙන් දුම හෝ වායුව පිටවෙනව. ඒක පරිසරයේ වායුවත් එක්ක මිශ‍්‍ර වුනාම වෙන බලපෑම ගණනය කරනව. වැස්සක් ආවොත් මේ අම්ලය බිම පතිත වෙනව. ඒ වගේ කරුණු ගැන වාර්තාවක් ඉදිරිපත් කරනව. මේ එක් එක් කොමිටි වාර්තා ප‍්‍රධාන කොමිටියට ගිහාම කියන්න පුළුවන්, ඒ ගණන් හිලව් වැරදියි කියල. එතකොට ආයෙත් මුල ඉඳන් යන්න  ඕනෙ. මේ වගේ විශාල කාලයක් මේ සඳහා වැය වෙනව.

ඇයි මේ බලාගාරය සාම්පූර්වලම පිහිටුවන්න  ඕන?

අමුද්‍රව්‍ය (ගල් අ`ගුරු* ගොඩබෑමේ පහසුව පළමු කාරණය. මේ සඳහා ජැටියක් අවශ්‍යයි. විවෘත මුහුදේ ගල් අ`ගුරු ගොඩබෑම අපහසු කාර්යයක්.

ඇයි ගල්අ`ගුරුම භාවිතා කරන්නෙ. වෙනත් විකල්පයක් ඞීසල් වැනි දේයකින් මේ යන්ත‍්‍ර දුවවන්න බැරිද?

ගල් අ`ගුරු භාවිතා කරන්නේ පිරිවැය අඩුකර ගැනීම සඳහා. එවිට විදුලි ඒකකයක් අඩු වියදමකින් නිෂ්පාදනය කිරීමට හැකි වෙනව.

එතකොට සාම්පූර්වල ඉදිවෙන ගල් අ`ගුරු විදුලි බලාගාරය සෑදීම ස්ථිරද? එය නිම කිරීමට සැලසුම් කර ඇති කාලය?

ජනාධිපතිතුමා කියනව මෙහි ගෑස් වලින් ක‍්‍රියාත්මක කරන විදුලි බලාගාරයක් සෑදිය යුතුයි. කියල. ගල් අ`ගුරු වලින් ගෑස් වලට මාරුවීම සුවිච් එකක් දානව වගේ පහසු ක‍්‍රියාවක් නෙවෙයි. එම තීරණය නිසා අවුරුදු 8 ක පමණ ප‍්‍රමාදයක් සිදුවිය හැකියි කියල අනුමාන කරන්න පුළුවන්. ඒ අවුරුදු 8 ප‍්‍රමාණය ඇතුළත රටට යන වියදම ඩොලර් බිලියන 5ක් 6ක් ප‍්‍රමාණයක් වෙන්න පුලූවන්. අගමැතිතුමාත් ඔය කතාවම කියනව. සාම්පූර් බලාගාරය ගෑස්වලින් ක‍්‍රියාත්මක කරමු කියල. ගෑස් අපිට නැහැ. අපි ද්‍රව ගෑස් පිටරටින් ගේන්න  ඕන.

ගෑස් යනුවෙන් අදහස් කරන්නෙ අපි ගෘහස්ථව භාවිතා කරන එල්.පී. ගෑස් එකද?

නෑ. එය පෙට්ට්‍රෝලියම් වලින් හදන ගෑස් එකක්. එයින් විදුලිය නිපදවන්න ගියොත් ඒකකයක් රුපියල් 100ක් විතර වෙයි. මේ කියන්නේ නැචුරල් ලික්විඞ් ගෑස් කියන ගෑස් එකයි. එය ගල්අ`ගුරු තරම් ලාභ නෑ. පෙට්ට්‍රෝලියම් තරම් ගාණ වැඩි නැහැ. ඒක ගබඩාකිරීමට සෙන්ටි‍්‍රගේ‍්‍රඞ් අංශක රින 168 (-168ංක්‍* ක උෂ්නත්වයක ගබඩා කළ යුතුයි. ඉන්දියාවේ මිලියන 1300ක් වූ ජනගහනය සඳහා ගෑස් ගබඩා කරන ස්ථාන 3ක් තියනව. ආණ්ඩුව දැන් කියනව අපිත් ගබඩා 3ක් හදමු කියල. අපේ මිලියන 20ටත් 3ක් හදමු කියල. (අපේ වගේ 60 ගුණයක ජනගහනයකටත් ගබඩා තියෙන්නෙ 3 යි.* ගෑස් ගබඩා කිරීමට ස්ථානයක් සෑදීමට විශාල මුදල් ප‍්‍රමාණයක් වැය කළ යුතුයි. ඒ පිළිබඳ කිසිම අවබෝධයක් අපේ දේශපාලඥයින්ට නැහැ. විදුලි බලමණ්ඩලයටත් මේ ගැන අවබෝධයක් තියෙන්නේ සීමිත වශයෙන් වුවත් ඔවුන් මේ පිළිබඳ අධ්‍යයනයක් කර දැනුම ලබාගන්නව.

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

මම නම් යෝජනා කරන්නේ ගෑස් ගබඩා කිරීමේ එක ස්ථානයක් ප‍්‍රමාණවත් කියල. බලාගාරයක් හදනවට වැඩිය මුදලක් ගෑස් ගබඩා කරන තැනක් හදන්න වියදම් වෙනව. විෂය පිළිබඳ කිසිම අවබෝධයක් නැතිව දේශපාලඥයන් විසින් ගන්නා තීන්දු වලින් රටේ විශාල මුදල් නාස්තියක් සිද්ධ වෙනව. අන්තිමේදි කරන ඉදිකිරීම් වලින් ප‍්‍රයෝජනයක් වෙන්නෙත් නෑ. දැන් දේශපාලන තීන්දුවක් නිසා සාම්පූර් විදුලි බලාගාරයේ වැඩ නතර වෙලා තියනව. මීට ඉස්සරත් දේශපාලන තීන්දු තීරන නිසා මේ වගේ දේවල් වෙලා තියෙනව.

ඒ මොනවගේ සිදුවීම්ද?

උදාහරණයක් වශයෙන් ගත්තොත්, ජපන් රජය 1999 දි නොරොච්චෝලෙ බලාගාරය හදන්න පටන්ගන්න (අයෝජනය කරන්න* 1994 දි  එක`ග වුනා. අධ්‍යයන හා සැලසුම් කටයුතු කරන්න ඔවුන්ට අවුරුදු 4 ක් ගියා. 1999 ජනවාරි වෙනකොට ජපන් රජය ඊළ`ග පියවරට ලෑස්ති වුණා. ඒ විදුලි බලාගාරය හදන්න ණය දීමේ පියවර. එතකොට චන්ද්‍රිකා මැතිණය තමයි ජනාධිපති ධුරයේ සිටියේ. ජපන් රජය ජනාධිපතිතුමියගින් ලිපියක් බලාපොරොත්තුවුනා, ‘‘විදුලි බලාගාරය සෑදීමට ජපන් රජයට අනුමැතිය දීමට මගේ කැමැත්ත පලකරමි’’ කියල.  ජනතා උද්ඝෝෂණ නිසාත්, බිෂොප් තුමාගේ බලකිරීම නිසාත් චන්ද්‍රිකා මැතිණිය ලියුම දුන්නෙ නෑ.

ජපන් රජය තව ටික කාලයක් බලාගෙන ඉඳලා මේ ව්‍යාපෘතියෙන් අයින් වුනා. මේ ණය අවුරුදු 40 කින් ගෙවිය යුතු ණයක්. ඉතා සුලූ පොලියක් තමයි ඔවුන් අයකරන්න නියමිතව තිබුණෙ. ඔවුන් ඉවත්වීමෙන් අපිට නොරොච්චෝලේ සඳහා අඩු පොලියට ණයක් අරගෙන, හොඳ බලාගාරයක් සෑදීමේ අවශ්‍යතාවය නැතිවෙලා ගියා. චන්ද්‍රිකා ජනාධිපතිනිය මේ තීරණය ගන්න කාලය වන විට තිබුණේ රට අඳුරෙ. 1999 අමාරුවෙන් විදුලි ඉල්ලූම සැපයුවේ. 2000 වන විට විදුලි කප්පාදුව ආවා. පවර් කට් තිබුණත් මේ ගොල්ලන්ගෙ දරදඬු තීරණ වෙනස් වෙන්නෙ නෑ. අන්ධකාරෙ ඉඳගෙනත්, බලාගාරයක් හදන්න නෙමෙයි දේශපාලඥයන්ගෙ අදහස. තියන බලාගාරයක් වහන්නයි ඔවුන් වැඩ කරන්නෙ.

2001 දි අලූත් ආණ්ඩුවක් ආවා. 2002 මාර්තු ජපන් තානාපති තුමා එවකට අලූත් අගමැති (වත්මන් අගමැතිතුමා* ගෙන් වෙලාවක් ඉල්ලූවා ‘‘අපිට හම්බවෙන්න පුළුවන්ද?’’ කියල. එතුමා ‘හා’ කිව්වා. ඒ 2002 මාර්තු 31 වෙනිදා. ජපන් තානාපතිතුමා කිව්වා චන්ද්‍රිකා මැතිණිය බලාගාරය ඉල්ලූවෙ නැහැ. නමුත් අලූත් රජය යටතේ අපි මේක කරන්න කැමතියි’කියල. අගමැතිතුමා මේ පිළිබඳව ප‍්‍රකාශයක් කෙරුව. එය ස්වාධීන රූපවාහිනියේ විශේෂ ප‍්‍රවෘත්තියක් විදිහට ප‍්‍රචාරය වුනා. ‘‘විදුලිබල ඉංජිනේරුවන් විසින් මගේ රජයත්, පසුගිය රජයත් නොමග යවා ඇත. කෙසේ වෙතත් නොරොච්චෝලේ බලාගාරය හදන්නේ නැත.  එම නිසා ජපන් රජයෙන් මෙයට මුදල් අවශ්‍ය නැත.’’ කියල. එයින් ඩොලර් මිලියන 5.5ක ව්‍යාපෘතියක් අහිමි වුනා. එම මුදල විදුලි බිල්වලින්, වැට් එකෙන් මේ වන විට අපි ගෙවා අවසන්. (පුද්ගලික විදුලිය මිලදී ගැනීම් ආදියෙන්* සාමාන්‍ය පුද්ගලයෙකුට මෙම ගණන් මිමි හිතාගන්න බැරි තරම්. මහවැලි ව්‍යාපාරයට ගියේ ඩොලර් මිලියන 1 ක පමණ ප‍්‍රමාණයක්. මේ අහිමි වූ මුදල ඒ වගේ 5 ගුණයක්.
මහවැලියට මිලියන 1ක් පමණ වියදම් කරල රට ආසන්න වශයෙන් ස්වයං පෝෂිත වුණා. මේ මිලියන 5 ගන්නෙ නැතුව ඞීසල් පුච්චල රට ආපසු ගියා. 2005 යළි රජයක් ආවා. මේ බලාගාරය හදන්න  ඕන කිව්ව.

බිෂෝප් තුමාත්, විවිධ සංවිධානත් නොරොච්චෝලෙ බලාගාරය හදනවට විරුද්ධ වුනා. අපිට අමතකයි ඒ දිනවල නිතරම උද්ඝෝෂණ තිබුණ. ඒත් විදුලි බලාගාරය හැදුණා. ඔවුන් කිව්ව විදිහට පරිසර හානියක් සිදු වුණා ද?.

නෑ. ඔවුන් කිව්වා උතුරුමැද කාන්තාරයක් වෙනව කියල. එහෙම වුනේ නෑ. ශ‍්‍රී මහා බෝධිය දෙකට කැඩෙනව කිව්ව. ඒක වුනෙත් නෑ. කුරුල්ලො මැරුනෙත් නෑ. මාලූ මරුනෙත් නෑ. ඒ පළාත තිබුණ වගේම තියනව. අලූත් පාරක් හැදිල තියෙනව. ඒත් තවමත් ඉඳහිට චෝදනා එනව. විරෝධතා එනව. 2005 දි මුල්ගල තිබ්බදාත් යම් යම් විරෝධතා තිබුණා. කලින් හිටපු ජනාධපතිවරයා ඉදිකිරීම් කරන දවස්වල නිරීක්‍ෂණ චාරිකාවක් ගියා. එදාත් විරෝධතා තිබුණ. ඉස්සර එල්ලපු විරෝධතා පුවරු තවමත් එකක් දෙකක් තවමත් දිරාපත්වෙලා තැන්තැන්වල තියනව.

ඔබ කියන විදිහට බලාගාරය සියයට සියයක්ම සාර්ථකයි.

නෑ. මම එහෙම කියන්නෙ නෑ. බලාගාරය සියයට සියයක්ම සාර්ථක නෑ. සියයට සියයක්ම සාර්ථක වෙන්නෙ නැති පළමුවන කාරණය අපට ජපන් රජය .5% පොලියට අවුරුදු 40ක ණයක් දෙන්න කැමති වුණා. ඊළ`ග ආණ්ඩුව මෙය කරන්න හදපුවාම ජපන් රජය අයින්වෙලා. එයාලා කෝන්දේසි දැම්ම. අපි ආයෙ ව්‍යාපෘතියට අත තියනව නම්, ‘‘යුද්ධය නතර කළ යුතුයි. විදුලි බල මණ්ඩලය පෞද්ගලික කරණය කළ යුතුයි’’ කියල.  අනෙකුත් ණය දෙන ආයතනත් ඉහත සඳහන් කොන්දේසියම ඉදිරිපත් කෙරුව.

එතකොට කවුද මේ කොන්ත‍්‍රාත්එක බාර ගන්නේ?

මෙතනදි චීනය තමයි ඉදිරිපත් වෙන්නෙ. ඔවුන්ගේ කොන්දේසි වුනේ පොලිය 4%යි, අවුරුදු 20කින් ණය ගෙවිය යුතුයි, යන කොන්දේසියි. මෙතනදි අපේ රටට සිද්ධ වුනේ ජපන් වාහනයකට මුදල් ගෙවලා, චීන වාහනයක් ගන්නවා වගේ වැඩක්.

දැනට විදුලි බලාගාරය හොඳින් ක‍්‍රියාත්මකද? එහි සැපයුම?

ඔව්. හොඳින් ක‍්‍රියාත්මක වෙනව. මේ වනවිට නොරොච්චෝලෙ බලාගාරයෙන් රටේ විදුලිබල සැපයුමෙන් 35% – 40% ක ප‍්‍රමාණයක් සපයනව.

ඒත් පසුගිය වකවානුවේ බලාගාරයේ බිඳවැටීම් සිදුවෙලා රටේ විදුලිය ඇන හිටිය නේද? ජනතාව එයින් සෑහෙන්න නොසන්සුන් වුණා.

බලාගාරයේ ඉඳහිට බිඳවැටීම් සිද්ධ වෙනව. මෙය ඇන හිටියොත් නැවත ක‍්‍රියාත්මක කිරීමට සැලකිය යුතු කාලයක් ගත වෙනව. එය මෙහි නිෂ්පාදනයේම දෝෂයක්. චීනයේ බලාගාර 500ක් විතර තියනව. ඒ 500ම එකවර නතර වෙන්නෙ නෑ. එකක් දෙකක් නතර වුණොත් අනිත් ඒවගෙන් විදුලිය අඛණ්ඩව. ඒක රටට දැනෙන්නෙ නෑ. ඒ නිසා මේ චීන බලාගාර නතරවුණාම හදිස්සියෙ ස්ටාර්ට් කරන්න ‘ඩිසයින් එකේසිට’ම පහසුකම් සලසල නෑ. අපේ රටේ මේ වර්ගයේ එකම එක බලාගාරයක් තියන නිසා ඒක නරත වුණාම යළි පණගන්වනකම් විදුලිය සැපයුම පිළිබඳ ලොකු ප‍්‍රශ්නයක් ඇති වෙනව. ඔවුන් එම දුර්වලකම වෙනස් කරගන්න දැන් සැලසුම් කරගෙන යනව. ඊට අමතරව තව දෝෂ කිහිපයකුත් තිබුණ.  ඒවා ඉදිරයේදී නිවැරදි කර ගනියි.

මේක ඇති කෙරුවෙ අපි යුද්ධයක පැටලිලා ඉන්න කාලෙක. ඒ කාලෙ අපිට කවුරුවත් ණයක් දෙන්නෙ නෑ. අපි ජපන් ණය එපා කියල ඔවුන් කොන්කෙරුව නිසා විශාල පාඩුවක් වින්ද. අපිට සිද්ධ වුනා ජපන් වාහනයක මුදල් ගෙවල චීන වාහනයක් ගන්න. දැන් මේක විවේචනයක් කෙරුවත් ඒ කාලෙ අනුව වෙන විකල්පයක් තිබුනෙ නෑ.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *