ආණ්ඩුව හදන්න අපි බලා හිටියා ; අපිට නොදී රනිල්ට දුන්නා – ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

 

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වූ පසු ආණ්ඩුව භාර ගැනීමට තම පක්ෂය සුදානම්ව සිටිය ද තමන්ට එය භාර නොදී රනිල්ට දුන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද ජන හමුවක දී ප්‍රකාශ කොට තිබේ.

තමන්ට ආණ්ඩුව දුන්නා නම් තම මන්ත්‍රීවරු තිදෙනාට අමතරව අඩුවෙන් හොරකම් කළ දහ දෙනෙකු පමණ පාර්ලිමේන්තුවෙන් සොයාගෙන කැබිනට් මණ්ඩලයක් හදාගන්නා බවත්, විදේශවල තිබෙන ජවිපෙ ශාකා මගින් ඩොලර් ගෙන්වා ගෙන ආර්ථික ප්‍රශ්නය විසඳිය හැකිව තිබු බවත් ඒ මහතා කියයි.

තමන්ට එම අවස්ථාව නොදී රනිල්ට දුන්නේ පවුලේ දේශපාලනය රැක ගැනීමට බව ද ටිල්වින් සිල්වා මහතා වැඩි දුරටත් කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *