කූඹින් ලවා ගල් අද්දවන වෑයම – අනුර කේ එදිරිසූරිය 

ගෝඨා ගෝ ගම අරගලයට දින පනහක් පිරුණි. අරගලය විසින් ඉල්ලා සිටින වෙනස සිදු කරන්නට ආණ්ඩුව තැත් කරන බව පෙනෙන්නට තිබෙන නමුත් එය ඉටුකර ගත හැකිද එසේම  අවංක උත්සාහයක්ද යන සැකය පවතී.

ගාලු මුවදොර උද්ඝෝෂණය තීව්‍ර කළ එක් හේතුවක් වශයෙන් වත්මන් ආර්ථික අර්බුදය පැවතියද අරගලය විසින් ඉල්ලා සිටින වැදගත්ම සහ බලගතුම වෙනස වන්නේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කිරීම බව අමතක කළ යුතු නැත.

ප්‍රජාතන්ත්‍රවාදී වෙනස සඳහා ජනතාව ඉල්ලන පියවර වන්නේ ගෝඨා ගෝ හෝම් ය. එම ඉල්ලීම ඉටුකරන්නට ආණ්ඩුව කරන යෝජනාව 21වන සංශෝධනයයි.

21වන සංශෝධනය ගැන කතා කරන්නට ආණ්ඩුවට සිදුවන්නේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණ 19වන සංශෝධනය අහෝසි කිරීම හේතුවෙනි.

රාජපක්ෂ පාලනයේ කැපීපෙනෙන ලක්ෂණය ඔවුන් සැමදා කටයුතු කළේ බලය බෙදන්නට හෝ බලය අතහරින්නට නොව බලය හැකිතාක් තමන් අතට කේන්ද්‍රගත කර ගන්නට යන්නය. රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය යම් පමණකින් පුළුල් කෙරුණු 17වන සං⁣ශෝධනය හකුලා 18වන සංශෝධනය කරළියට ගෙන ඒම සහ නැවත 19වන සංශෝධනය හකුලා 20 ගෙන ඒම ඒ සඳහා පූර්ව අද්දැකීම් වශයෙන් පවතී. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා තම බලය පහසුවෙන් අත්හරින්නට සූදානම් වනු ඇතැයි සිතීම මෙන්ම ඔහු වටා සිටින පිරිස ඔහුට බලය අතහරින්නට ඉඩ දෙනු  ඇතැයි සිතීමද මුළාවකි. ගෝඨා ගෝ ගම විරෝධය මැර බලයෙන් පරාජය කර මහින්ද රාජපක්ෂ රැකගන්නට මහින්දවාදීන් ගත් උත්සාහය මෙහිදී මතකයට නඟා ගත යුතුය.

රාජපක්ෂ පාලනයේ කැපීපෙනෙන ලක්ෂණය ඔවුන් සැමදා කටයුතු කළේ බලය බෙදන්නට හෝ බලය අතහරින්නට නොව බලය හැකිතාක් තමන් අතට කේන්ද්‍රගත කර ගන්නට යන්නය. රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය යම් පමණකින් පුළුල් කෙරුණු 17වන සං⁣ශෝධනය හකුලා 18වන සංශෝධනය කරළියට ගෙන ඒම සහ නැවත 19වන සංශෝධනය හකුලා 20 ගෙන ඒම ඒ සඳහා පූර්ව අද්දැකීම් වශයෙන් පවතී. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා තම බලය පහසුවෙන් අත්හරින්නට සූදානම් වනු ඇතැයි සිතීම මෙන්ම ඔහු වටා සිටින පිරිස ඔහුට බලය අතහරින්නට ඉඩ දෙනු  ඇතැයි සිතීමද මුළාවකි.

දැනට කෙටුම්පත් කර ඇති 21 සංශෝධනය කෙරෙහි එල්ල වන බරපතළම චෝදනාව වන්නේ ද ජනාධිපතිවරයා සතු බලය කප්පාදු කරන්නට එමඟින් අවශ්‍ය තරමට කටයුතු කර නොමැත්තේය යන්නය.නිදසුනක් වශයෙන් අමාත්‍යංශ පවරා ගැනීමට සහ අමාත්‍යංශ තම බාරයේ රඳවා තබා ගන්නට ජනාධිපතිවරයා සතු ව්‍යවස්ථාමය බලයට යෝජිත ව්‍යවස්ථා සංශෝධනයෙන් සැලකියයුතු  බලපෑමක් එල්ල නොවෙතැයි කියනු ලැබේ.

ජනතා මතය වන්නේ ගෝඨා ගෝ හෝම් වන විට, ගෝඨා ගේ බලය තහවුරු කරන හෝ ආරක්ෂා කරන හෝ ව්‍යවස්ථා සංශෝධනයකින් ගැටලුවට විසඳුම් ලැබෙන්නේ නැත. විධායක ජනාධිපති ධූරයේ බලය යනු ඉතිහාසයක් පුරා අව භාවිත කිරීමට ලක්වූවක් බව අමතක කර කෙරෙන සංශෝධනයකින් ජනතා ඉල්ලීම සම්පූර්ණ කරන්නට හැකි වන්නේ නැත. නිදර්ශනයක් වශයෙන් ජනාධිපති සමාව සහ නඩු තීන්දු ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සතු අභිමත බලය අධිකරණයේ ස්වාධීනත්වය කෙළෙසන ආකාරයට ක්‍රියාවෙහි යෙදවීම මෙතෙක් බලයට පත්වූ සෑම ජනාධිපතිවරයකුම පාහේ සිදුකර තිබේ. අධිකරණයෙන් මරණ දඬුවම නියම කළ තැනැත්තන් නිදහස් කිරීම එහිදී කැපී පෙනේ.

රෝයල් පාර්ක් මිනීමැරුම් චෝදනාවෙන් නිදහස් කිරීම පිටුපස මුදල් ගනුදෙනුවක් තිබුණේය යන කතාවක් පැවතිණ. වත්මන් ජනාධිපතිවරයා මිනීමැරුම් චෝදනාවලට ලක්වූ තැනැත්තන් නිදහස් කළා පමණක් නොව එවැන්නන්ට ආණ්ඩුවේ වගකිව යුතු තනතුරු පවා පිරිනමන්නට කටයුතු කළ තැනැත්තෙකි. ජනාධිපති සතු එවැනි බලතල අභියෝගයට ලක් නොකරන ව්‍යවස්ථා සංශෝධනයකට ජනතා කැමැත්ත දිනා ගත හැකි වන්නේ නැත.

පක්ෂ මාරුව සඳහා මන්ත්‍රීවරුන්ට අවස්ථාව සලසා තිබීමද වර්තමාන ව්‍යවස්ථාවේ පවතින ප්‍රධාන දුර්වලතාවකි. පාර්ලිමේන්තුවේ පිල් මාරු කරන්නට මන්ත්‍රීවරුන්ට ඇති අවස්ථාවට බාධා කරන වගන්ති 19වන සංශෝධනයට ඇතුළත් කරන්නට ගත් උත්සාහය,  දිනේෂ් ගුණවර්ධන මහතාගේ සං⁣ශෝධනය එවක විජේදාස රාජපක්ෂ මහතා විසින් පිළිගැනීම නිසා මඟහැරුණි. දැන් නැවතත් ව්‍යවස්ථා සංශෝධනය සඳහා මූලිකව සිටින්නේ පැරැණි විජයදාස රාජපක්ෂ මහතාමය. ඒ මහතාට නැවත අධිකරණ ඇමැති වන්නට හැකිවී ඇත්තේ ද පිල්මාරුවට ව්‍යවස්ථාවේ බාධාවක් නොමැති නිසාමය. ඉන් පැහැදිලි වන කරුණ වන්නේ වත්මන් පාර්ලිමේන්තුවේ සියල්ලන්ම රටේ සුබ සිද්ධියට වඩා තම තමන්ගේ යහ පැවැත්ම ගැන වැඩියෙන් කල්පනා කර කටයුතු කරන බවය. 16වන සංශෝධනය වෙනුවට 17 ගෙනෙද්දීත් ,නැවත 17 වෙනුවට 18 ගෙන එද්දීත් 18න් 19ටත් 19න් 20ටත් යද්දීත් ඒවාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මැති ඇමැතිවරු කී දෙනෙක් වත්මන් පාර්ලිමේන්තුවේ සිටීද. ඔවුන්ගේ පිළිවෙත රටට හිතකර තීන්දු ගැනීම නොව එන එන හැටියට ගහ උළුවස්සා න්‍යායේ පිහිටා බලයේ සිටින ජනාධිපති ගේ සහ ආණ්ඩුවේ මන දොළ සපුරා තමන් ගේ කොටස වෙන්කර ගැනීමය. විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගේ තටු කපන්නට දක්වන අකමැත්ත වටහා ගත යුතු වන්නේ ඒ අනුවය.

ඉන් පැහැදිලි වන කරුණ වන්නේ වත්මන් පාර්ලිමේන්තුවේ සියල්ලන්ම රටේ සුබ සිද්ධියට වඩා තම තමන්ගේ යහ පැවැත්ම ගැන වැඩියෙන් කල්පනා කර කටයුතු කරන බවය. 16වන සංශෝධනය වෙනුවට 17 ගෙනෙද්දීත් ,නැවත 17 වෙනුවට 18 ගෙන එද්දීත් 18න් 19ටත් 19න් 20ටත් යද්දීත් ඒවාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මැති ඇමැතිවරු කී දෙනෙක් වත්මන් පාර්ලිමේන්තුවේ සිටීද. ඔවුන්ගේ පිළිවෙත රටට හිතකර තීන්දු ගැනීම නොව එන එන හැටියට ගහ උළුවස්සා න්‍යායේ පිහිටා බලයේ සිටින ජනාධිපති ගේ සහ ආණ්ඩුවේ මන දොළ සපුරා තමන් ගේ කොටස වෙන්කර ගැනීමය. විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගේ තටු කපන්නට දක්වන අකමැත්ත වටහා ගත යුතු වන්නේ ඒ අනුවය.

ජනතා අපේක්ෂා ඉටු කරන ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා මන්ත්‍රී වත්කම් විගණනය කෙරෙන ,එවැනි වත්කම් ගැන විමර්ශනය සඳහා අදාළ ආයතන වලට බලය ලැබෙන වගන්ති ඇතුළත් කළ යුතුව ඇත. එහෙත් එවැනි සංශෝධන සඳහා වත්මන් පාර්ලිමේන්තුවේ නියෝජනය වන මන්ත්‍රීවරුන්ගේ එකඟතාව ලැබේද යනු ගැටලුවකි. කවර සංශෝධනයක් සඳහා වුව පාර්ලිමේන්තුවේ දී අනුමැතිය ලබා ගත යුතු වන්නේ රාජපක්ෂ වාදී බහුතරයකින් වීම 21වන සංශෝධනය මුහුණ දෙන බරපතළම ගැටලුවයි. විධායක ජනාධිපති ධූරය අහෝසි කරනු යන්න ජනතාවගේ ඉල්ලීම වන නමුත් වත්මන් පාර්ලිමේන්තුවේ, ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ යැයි ස්වාධීන යැයි කියන බහුතරයේ අවශ්‍යතාව වන්නේ ජනාධිපති රැකගෙන ජනතාවත් සන්සුන් කරගෙන බලය තව දුරටත් අභ්‍යාස කිරීම බව පැහැදිලිය.එවැනි තත්වයක 21යනු කෙරෙන දෙයකට වඩා නොකෙරෙන දෙයක් වන්නට ඇති ඉඩකඩ බොහෝය.

21 පිළිබඳ කතා බහ කෙටි කලකින් නිමා නොවන එකක් බවට පෙරනිමිති දැනටමත් තිබේ. ද්විත්ව පුරවැසියනට පාර්ලිමේන්තුවේ සහ රජයේ ඉහළ තනතුරු දැරීමේ හැකියාව පිළිබඳ කරුණ ඒ සඳහා බලපානු ලැබේ. වත්මන් පාර්ලිමේන්තුව මඟින් ජනතා අභිලාෂය ඉටුවන ව්‍යවස්ථා සංශෝධනයක් බලාපොරොත්තු වීම කූඹින් යොදවා ගල් අදින්නට සිතනවා හා සමාන වන්නේ එහෙයිනි.

අනුර කේ එදිරිසූරිය

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *